Saturday, November 7, 2026
HomeNEWSඔලුව උදුම්මවා ගත්තොත් වැටෙන්න පුළුවන්

ඔලුව උදුම්මවා ගත්තොත් වැටෙන්න පුළුවන්

දුනිත් වෙල්ලාලගේ වැනි ක්‍රීඩකයින් මනා ලෙස කළමනාකරණය කරගතහොත් එය අනාගතයට ඉතාමත් වටිනා බව ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පවසයි.

අද LPL තරගය ආරම්භයට පෙර පැවති Ada Derana 24 විශේෂ පූර්ව තරග විකාශය හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමින්ද වාස් පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලඟ නායකත්වයට තම මතයට අනුව ධනංජය ද සිල්වා සුදුසු ක්‍රීඩකයෙක් ලෙස දකින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, 

“අපි දන්නවා දුනිත් වෙල්ලාලගේ කියන්නේ කොයි වගේ ක්‍රීඩකයෙක් ද කියලා. ඔහුට හම්බවෙච්ච හැම අවස්ථාවකදීම ලංකාව නියෝජනය කරද්දී ඉතාමත් හොඳින් කරලා තියෙනවා. අපි කියනවා දුනිත් වෙල්ලාලගේ ඇවිල්ලා ස්මාට් ක්‍රීඩකයෙක්, හොඳට සිතා බලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්, නායකත්වයට සුදුසු ක්‍රීඩකයෙක්. අපි ඒ ක්‍රීඩකයා හොඳට බලාගන්න ඕන. අපි ඒ ක්‍රීඩකයා හරි තැන තියාගත්තොත් මම හිතන්නේ ලොකු ගමනක් ගෙනියන්න පුළුවන්. එයා පොඩ්ඩක් හරි එහේ මෙහේ ගිහිල්ලා ඔලුව උදුම්මවා ගත්තොත් වැටෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ක්‍රීඩකයොන්ව කළමනාකරණය කරද්දී මේකත් ඉතා වැදගත්. ක්‍රීඩකයාව රැකබලා ගන්න එක. අපිට හොඳ නායකයෙක් ඉන්නවා තව ඉස්සරහට. ඒ ක්‍රීඩකයාව බලාගත්තොත් හොඳයි. අපි කියනවා ක්‍රීඩකයෙක් වුනාම නායකයෙක් විදියට හිතන්න කියලා හැබැයි හිතුවට කමක් නෑ. ඒක ගැන හිත හිත තැවෙන්නේ නැතුව හොඳින් ක්‍රීඩා කරලා, රට වෙනුවෙන් ක්‍රීඩා කරන එක තමයි වැදගත් ම දේ.”

“මම හිතන්නේ කුසල් මෙන්ඩිස් ට තව වයස තියෙනවා නායකත්වය දරන්න. මම හිතන්නේ ඊට ඉස්සරවෙලා මම දකින්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තුනේම ක්‍රීඩා කරන එක්කෙනෙක් ඉන්නවා ධනංජය ද සිල්වා. ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ධනංජයගේ ගත්තොත් එයාත් ඉතාමත් හොඳ ස්මාට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. හොඳින් සිතා බලා ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. හැමදෙයක්ම එයා ළඟ තියෙනවා. මගේ මතය අනුව මට පේන විදියට අපි ධනංජය වගේ එක්කෙනෙක් හදාගත්තොත් මම හිතන්නේ තරග රටා තුනේම ක්‍රීඩා කරන්න පුළුවන්. හොඳ අවස්ථාවක් ධනංජයට ක්‍රීඩා කරන්න. විශේෂයෙන්ම මෙම LPL තරගාවලියේ ධනංජය වගේ එක්කෙනෙක් කැප්ටන් කරන්න ඒ අවස්ථාව ලබා දුන්නා නම් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙයි කියලා ධනංජයට. ඔහු කොයි විදියටද ක්‍රීඩකයින් හසුරුවන්න කියන එක බලන්න, ඔහු මාත් එක්ක කාලයක් වැඩකළා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න පෙර. මම කියන්නේ හොඳ ඔළුවක් තියෙනවා එයාට. මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයින් බලාගෙන ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img