Saturday, November 7, 2026
HomeNEWSකෘත්‍රීම බුද්ධිය පාසල් විෂය මාලාවට එක් කෙරේ

කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය මාලාවට එක් කෙරේ

ලබන වසරේදී 8 ශ්‍රේණියේ සිට කෘත්‍රිම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කෙරෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, මීට පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වාදීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිටම කෘත්‍රිම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තවත් වසර 05කදී ඉතා දුෂ්කර වනු ඇති බවත්ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොරව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිතව තවමත් අප පවත්වාගෙන යන්නේ  යල්පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයම බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img