Friday, September 25, 2026
HomeNEWSCOVID-19නැගෙනහිර පළාතේ පාසල් විවෘත කිරීමට පෙර විෂබීජහරණය කිරීම

නැගෙනහිර පළාතේ පාසල් විවෘත කිරීමට පෙර විෂබීජහරණය කිරීම

නැගෙනහිර පළාතේ පාසල් විවෘත කිරීමට පෙර විෂබීජහරණය කිරීම

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමේ දි එම වෛරසයෙන් සහ ඩෙංගු වලින් තොර සුරක්ෂිත පාසලක් දරුවන්ට ලබා දිය යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම සුරක්ෂිත පාසල් පද්ධතිය දරුවන්ට ලබා දීම සඳහා රජය විශේෂ ආරක්ෂිත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද ආණ්ඩුකාරවරිය කීවාය. එම කටයුත්ත සාර්ථක කර ගැනිම සඳහා දෙමාපියන්ට ද විශාල වගකිමක් පැවරෙන බව ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.

කොවිඩ්-19 වෛරසය සහ ඩෙංගු වලින් තොර සුරක්ෂිත පාසලක් දරුවන්ට උදා කර දීමේ රජයේ වැඩපිළිවෙලේ නැගෙනහිර පළාත් ප්‍රධාන පිරිසිදු කිරිමේ වැඩසටහනට ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ දී එක් වෙමින් පසුගිය දා ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියාය.

මෙම ප්‍රධාන වැඩසටහනට සමගාමිව දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3ක විශේෂ පිරිසිදු කිරිමේ ආදර්ශ වැඩසටහන් සංවිධානය කර තිබුණි. ත්‍රිකුණාමලය විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයේ සහ වාන්ඇල මහා විද්‍යාලයේ පැවති මෙම පිරිසිදු කිරිමේ විශේෂ ආදර්ශ වැඩසටහන් සඳහා සිවිල් ආරක්ෂක බලකාය, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් විශේෂ කණ්ඩායම් ද එක්ව සිටියහ.

ඊට අමතරව පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසේකර මහතා, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා සහ සේරුවිල සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිළධාරිවරයා ඇතුළු පිරිසක් ද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ...

ඡන්දයක් තිබුණොත් සජබය හා එජාපය එක්ව තරඟ කරනවා- මරික්කාර්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘වර්තමාන...

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය! සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය...

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img