රාජපක්ෂවරුන්ගෙන් පළිගැනිම සදහා රට විනාශය නොකර හැකිනම් මීලග පාර්ලිමේන්තුවේද මහා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරමින් තමා පරාජය කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරගලකරුවන්ට අභියෝගයක් එල්ල කරයි.
යු ටියුබ් නාලිකාවන් සමග පැය එකහමාරකට ආසන්න කාලයක් සම්මුඛ සාකච්ජාවකට එක්වී නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
රටක ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නියෝජිත ප්රජාතන්ත්රවාද තුළ මැතිවරණයට ඉදිරිපත් වී ජනතා ඡන්දයෙන් රටක පාලන බලය ලබාගත යුතු බවත් එසේ නොකර අරගල කිරීම තුළින් රට අරාජික කිරීම සමාන වන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය රටට සිදුකළ හානියම බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.
කොවිඩ් ලෝක වසංගතය සමග පැවති ලෝක ආර්ථීක අර්බුදයට මුළු ලෝකයම මුහුණ දී එම අභියෝගයෙන් ගොඩඒමට උත්සාහ කරන අවස්ථාවේදී මෙරට අරගල සිදුකරමින් ඇතැමුන් උත්සාහ ගත්තේ ඔවුන්ට ජනතා බලයෙන් ගත නොහැකි ආණ්ඩු බලය රට අරාජික කොට ගැනීමට බවත් ඊට ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය.
සංචාරකයින් මෙරටට පැමිණීම නවතාලීම සදහා සිදුකරනු ලබන අරගල සිදුකරන්නේ කා වෙනුවෙන්ද? කියාද? නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහිදී අරගලකරුවන්ගෙන් ප්‍රශ්න කරන ලදී.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත් වූ පසුව විකල්පයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බව සදහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නාකම නිසා විය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
රාජපක්ෂවරුන් එදා සිටම අද දක්වාත්,අනාගතයේදීත් මේ රටට හා පොදු මහ ජනතාවට බෙහෙවින්ම ආදරය කරන බවත් කිසිවෙකුට හෝ කිසිදු බලවේගයකට එය නතර කළ නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය






















