Saturday, November 7, 2026
HomeNEWSපාසල් යන දරුවන් ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

පාසල් යන දරුවන් ට සෞඛ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (12) දිනයේ සාමාන්‍ය පරිදි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පසුගිය සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.

කෙසේවෙතත් මේ වන විට එම අවදානම් තත්ත්වය පහව ගොස් ඇති බැවින් අද සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර සියලු ක්‍රිස්තියානි පාසල් ද අද දිනයේ සිට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසයි.

“අද දෙරණ” කළ විමසීමක දී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතීරීමේ අවධානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම හිතකර බවය.

“මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වෛරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන කල් ළමුන්ට මුව ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි. මොකද ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි. ඒ නිසා පාසල්වල, ඩේකෙයාර්වල පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ළමුන්ට කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම් ගෙදර තියා ගන්න. පාසල් යන ළමුන් පුළුවන් නම් මුව ආවරණ භාවිත කිරීම වඩාත් හොඳයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img