වැදාමහෙන් ලබාගත් ස්ටෙම් සෛල භාවිතයෙන් සිදුකළ විශ්වකර්ම සැත්කමක් මගින් බිළිඳෙකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බව හෘද ශල්‍ය විශේෂඥයෙක් පවසයි.
ලොව එවැනි සැත්කමක් සිදුකළ පළමු අවස්ථාව ලෙස එය සැලකෙයි.
බ්‍රිස්ටල් හෘද ආයතනයේ මහාචාර්ය මැස්සිමෝ කැපුටෝ පැවසුවේ අදාළ සැත්කම මගින් ෆින්ලි නම් කුඩා පිරිමි දරුවාගේ හෘද වස්තුවේ ඇතිවී තිබූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කළ බවය.
හෘද රෝග සහිතව ඉපදෙන දරුවන් සඳහා නව ප්‍රතිකාර ක්‍රමවේදයක් දියුණු කිරීම ඔහුගේ අරමුණ යි.


























