Saturday, September 12, 2026
HomeNEWSරජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති අනතුරු අඟවයි

රජයේ මුද්‍රණාලයේ වෘත්තිය සමිති අනතුරු අඟවයි

රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ සහ මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීම මෙවරත් නියමිත දිනට පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයේ වෘත්තිය සමිති පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම වෘත්තිය සමිති මේ බව පැවසීය.

මේ අතර මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය ප්‍රතිපාදන තවමත් ලැබී නොමැති බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව රජයේ මුද්‍රණාලය මේ වනවිට සිදුකර ඇති මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ගෙවිය යුතු නමුත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40 ක් පමණක් බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග පවසයි.

මුද්‍රණාලයාධිපතිනිය ඊයේ සඳහන් කළේ, යම් හෙයකින් ඉදිරි සතිය තුළ එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණද මාර්තු 20ට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමේ හැකියාවක් නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img