Friday, September 11, 2026
HomeNEWSබූරු මූණා අත්අඩංගුවට

බූරු මූණා අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී අද දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණි.

බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම තහනම පැනවීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබුණි.

බූරු මූණා නැමැත්තා මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වෙයි.

අපරාධ රැසකට සම්බන්ධ 28 හැවිරිදි මෙම සැකකරුට නවතැන් පහසුකම් ලබා දුන් බවට හොරණ මිල්ලණිය ප්‍ර දේශයේ අඹු සැමි යුවලක් ද පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img