Friday, September 11, 2026
HomeNEWSසල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? - පැෆ්රල්

සල්ලි දුන්නොත් ඡන්දෙ තියෙනවා ද? – පැෆ්රල්

එළඹෙන මාර්තු 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන 340ක සභිකයන් සඳහා දැනට ගෙවනු ලබන දීමනා මාර්තු පළමු වනදා සිට මාර්තු 19 වනදා දක්වා පමණක් ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වූයේ 2018 ඔක්තෝබර් 11 වනදා බැවින් එම ප්‍රාදේශීය සභාවේ නිල කාලය අවසන් වන්නේ ලබන ඔක්තෝබර් පළමු වනදාය.

19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන පළාත් පාලන ආයතන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යවස්ථානුකූලව කොමසාරිස්වරුන් හා ලේකම්රුන්ගේ පාලනයට යටත් වෙයි.

එම ආයතනවල දැනට ධුරයේ සිටින නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් යටතේම පවත්වාගෙන යාමට විවිධ පාර්ශ්ව යෝජනා කළ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම නගරාධිපතිවරුන්ට සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට ලබාදී ඇති නිල වාහන මාර්තු මස 18 වනදා යළි භාරදිය යුතු බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ අතර පැෆ්රල් සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රශ්න කිහිපයක් යොමුකර තිබේ.

එහි එක් පැනයක් ලෙස ඔවුන් විමසා ඇත්තේ ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද යන්නය.

අදාළ ලිපියෙන් අගමැතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න පහතින්,

01 – ඡන්ද විමසීම පැවැත්වීමට ප්‍රධාන බාධකයක් ලෙස රජය පෙන්වාදෙන මූල්‍ය ගැටලුවට විසඳුමක් කිසියම් පාර්ශ්වයක් විසින් සපයනු ලබන්නේ නම් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට රජය සූදානම්ද ?

02 – දැනටමත් අරඹා ඇති සීමා නීර්ණය හාරහා කොට්ඨාස ප්‍රමාණය හා සභිකයන් අඩු කිරීම සමග ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මැතිවරණ ක්‍රමය කුමක් ?

03 – එම නව සභික ප්‍රමාණය 50%ක් පමණ එනම් 4,000 ක් හෝ 5,000 ක ප්‍රමාණයක් දක්වා අඩු කරනවිට දැනටමත් ඇති කාන්තා කෝටාව හා සම්මත කිරීමට නියමිත තරුණ කෝටාව යන දෙකම 25% බැගින් ඇතුළත් කරන්නේද?, ඒ සඳහා අවශ්‍ය එකඟතා ලබාගෙන තිබේද ?

04 – දැනටමත් ආරම්භ කර ඇති ජන සභා වැඩසටහන මෙයට අන්තර්ගත කරන්නේද ? ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img