Saturday, November 7, 2026
HomeNEWS පාකිස්ථානයේ කථානායක රාජා පර්වේෂ් අෂ්රොෆ් මහතා සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ...

 පාකිස්ථානයේ කථානායක රාජා පර්වේෂ් අෂ්රොෆ් මහතා සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අතර හමුවක්.

 පාකිස්ථානයේ කථානායක රාජා පර්වේෂ් අෂ්රොෆ් මහතා සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අතර හමුවක්

 දෙරටේ වෙළඳාම් හා ගණුදෙනු සඳහා වෙනම මුදල් ඒකකයක් භාවිතා කිරීමට තිබෙන හැකියාව ගැන අවධානය
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සබඳතා තවදුරටත් අංශ කිහිපයකින් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායක රාජා පර්වේෂ් අෂ්රොෆ් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික සාකච්ජාවක් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (11) දින පැවැත්විණ.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා 2009 වර්ෂයේදී පාකිස්ථානය ශ්‍රී ලංකා රජයට දැක්වු සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වු අතර එම සහයෝගය ශ්‍රී ලංකාව විසින් කිසිදිනෙක අමතක නොකරන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
දෙරට අතර වෙළඳාම් කිරීමේදී හා මුදල් ගණුදෙනු කිරීමේදී දෙරටට වඩාත් වාසිදායක වන මුදල් ඒකකයක් භාවිතා කිරීමේ වැදගත්කම ගැනද මෙහිදී සාකච්ජා වී ඇත.
දෙරට අතර කාලයක් තිස්සේ පවතින වෙළඳාම් කටයුතු සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා සාකච්ජා වී ති‍බේ.
පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතු සහ කෞතුක භාණ්ඩ පිළිබඳව මෙහිදී සාකච්ජා වී තිබේ.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවුයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වෙන පාකිස්ථානු පාර්ලිමේන්තුවේ සමුළුවකට ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වෙමින් සිටින අවස්ථාවේදීය.
පාකිස්ථානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වසර 50ක් සැපිරීම නිමිත්තෙන් පාකිස්ථානු පාර්ලිමේන්තුව විසින් මෙම විශේෂ සමුළුව සංවිධානය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්

ලෝක බැංකු ආධාර යටතේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නැංවීමට ඩබල් කැබ් රථ 10 ක්. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල වෙත නිල වශයෙන් කැබි රථ ලබාදීම සෞඛ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img