Thursday, November 12, 2026
HomeNEWSයලිත් දුම්රිය යාපනයට ගමන් අරඹයි.

යලිත් දුම්රිය යාපනයට ගමන් අරඹයි.

යලිත් දුම්රිය යාපනයට ගමන් අරඹයි.
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (07/13)දින නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.
අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ සුරතින් දුර්ලභ “පඬු කරඳ” ශාකයක් රෝපණය කිරිමද සිදුවිය. මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද “පඬු කරඳ” ශාක රෝපණය කරන ලදි.
අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්‍යයෙහි සාම්ප්‍රදායික හින්දු චාරිත්‍ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන ලදි.
මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,
කෙටි කලක් සංවර්ධන කටයුතු වෙනුවෙන් නතර කර තිබූ යාපනය සිට කොළඹ දක්වා දුම්රිය ගමන් එළඹෙන 15 වැනිදා සිට නැවතත් සුපුරුදු පරිදි ආරම්භ කෙරෙනවා. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ වර්ධනය වන සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම උදෙසා සහ ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට කොළඹ සිට යාපනය දක්වා නව සුඛෝපභෝගී රාත්‍රී සංචාරක දුම්රියක් ආරම්භ කිරීමටද අප කටයුතු යොදා තිබෙනවා.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මැතිතුමා, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්තුමා ඇතුළු නිලධාරීන්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව් ඩී එස් ගුණසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනාමධ්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img