එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන මැතිවරණ කොට්ඨාශයේ බලමණ්ඩල රැස්වීම අමතා ඊයේ (23) සිදුකළ කතාව.
රට ගොඩගන්න නම් අපි ජනාධිපතිතුමා සිතන දෙයට සහය දැක්විය යුතුයි.
ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් අපි දුර බලලා වැඩ කර යුතුව තිබෙනවා.
කිසිම කෙනෙක් අතහැරලා අපිට ඉදිරියට යන්න බැහැ.
සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුලු විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
අද වේදිකා උඩ නැගලා කෑ ගහන බොහෝ උදවිය එදා රට වෙනුවෙන් පෙරට ආවේ නැහැ.
ජනතාවට අවශ්‍ය දේවල් කරලා රට ඉදිරියට ගෙනියන්න බැහැ. රටක් ඉදිරියට ගෙනියන්න නම් අපි හරි දේ කල යුතුව තිබෙනවා
අද මෙම රැස්වීම සඳහා විශාල පිරිසක් සහභාගීව සිටිනවා. ඒ අය අතර විවිධ මත දරණ අය ඉන්න පුලුවන්, විවිධ පක්ෂවලට අයත් කණ්ඩායම් ඉන්නත් පුලුවන්. කමක් නැහැ. අපිට ඒ සියලුදෙනාම අවශ්‍යයයි.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගත් ගමන් පැවසුවේ, මේ රට වැටුණු තැනින් යළි ඔසවා තබන්න නම්, මට සියලුදෙනාගෙම උදව් අවශ්‍යයයි කියලයි. ඉතින් මේ රට ගොඩගන්න නම් අපි ජනාධිපතිතුමා සිතන දෙයට සහය දැක්විය යුතුයි. කිසිම කෙනෙක් අතහැරලා මේ ගමන යන්න බැහැ. වෛරය ක්‍රොධය, ඊර්ෂියාව තියාගෙන මේ රට ලෝකය හමුවේ ඔසවා තබන්නට බැහැ.
අපි ජාති වශයෙන් බෙදුණා, කුලමල වශයෙන් බෙදුණා. ආගම් වශයෙන් බෙදුණා. ඉතින් රටක් විදිහට අපි පස්සට ගියා. දැන් ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. අපි පහු කළේ ඉතාම අමාරු කාලයක්. ඒ අමාරු කාලය පහු කරන් දැන් අපි ඉදිරියට ඇවිත් තිබෙනවා. අපිට අනාගතයක් අවශ්‍ය නම් ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් අපි දුර බලලා වැඩ කර යුතුව තිබෙනවා. අපට වැරදුණු තැන් නිවැරදි කරගත යුතුව තිබෙනවා.
රට ගොඩනගන්න එකතු වෙන්න කියලා ජනාධිපතිතුමා විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඔවුන් බැහැ කිව්වා. ඊට පස්සේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුව තුළ ජාතික සභාවක් නිර්මාණය කළා. රට ගොඩනගන විදිහ කියන්න කිව්වා. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. එහෙමයි කියලා ඒ අය ඇතහැරලා අපිට ඉදිරියට යන්න බැහැ.
එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට දිවයින පුරාම නව ආසන බලමණ්ඩල පිහිටුවීම සිදුකරමින් තිබෙනවා. මේ අනුව මේ මාසය අවසන් වනවිට අලුත් බලමණ්ඩල 150 ක් පමණ පිහිටුවන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ බලමණ්ඩල අපි පිහිටුවන්නේ තාවකාලිකවයි. ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂයේ ව්‍යවස්ථාව නව ලෝකයට ගැළපෙන පරිදි වෙනස් කිරීමට නියමිතව තිබෙනවා. මේ හරහා සියලු පක්ෂවලට එක්සත් ජාතික පක්ෂයට ඇතුලු විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රට වට්ටන්න නම් එක්සත් ජාතික පක්ෂය වට්ටන්න ඕන. UNP ය වැටුණු නිසා මුළු රටම කඩන් වැටුණා. වෛරය, ක්‍රෝධය වැපුරුව නිසා මුළු මහත් රටක්, ජාතියක් කඩා වැටුණා. කොහොම නමුත් අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියට විනාශ වෙන්න ඉඩ දුන්නේ නැහැ. එතුමා වැටෙන ජාතිය ගොඩගන්න පෙරට ආවා. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි. නමුත් දැන් එතුමා මුළු ජාතියේම නායකයා.
එදා ඝෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාරගන්න විපක්ෂයට ආරාධනා කළාම ඒ අය බයේ පැනලා දුව්වා. අද වේදිකා උඩ නැගලා කෑ ගහන බොහෝ උදවිය එදා රට වෙනුවෙන් පෙරට ආවේ නැහැ.
අද අපේ රටේ සිටින මහජනතාවට පක්ෂ දේශපාලනය එපා වී තිබෙනවා. ඒ නිසයි අපි ලෝකයට ගැළපෙන පරිදි අපේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යන්නේ. එක්සත් ජාතික පක්ෂය සෑම විටම සිතුවේ රටේ අනාගතය ගැනයි. අපේ පක්ෂයේ නායකතුමත් සෑම විටම සිතන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය ගැනයි. එතුමා ලෝකයත් සමඟ ඉදිරියෙන් සිටින නායකයෙක්. එතුමාට ඉදිරිය ගැන ඉතා හොඳ අවබෝධයක් තිබෙනවා.
ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් තවමත් වේදිකා උඩට නැග ජනතාවට බොරු ප්‍රකාශ කරනවා, ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන්. එය ඉක්මනින්ම නැවත්විය යුතුව තිබෙනවා. අපි කිසිම විටක බොරු ප්‍රකාශ ඉදිරිපත් කළේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඡන්ද ලබාගන්න ජනතාවට බොරු කිව්වේ නැහැ.
2015 මැතිවරණයෙන් අපි බලය ලබාගෙන පෙට්ට්‍රල්, ඩීසල්, භූමිතෙල් අඩු කරලා, 3000 ට තිබුණු ගෑස් සිලින්ඩරේ අඩුවට දීලා රට ඉදිරියට අරගෙන යනකොට ජනතාව අපිට ගෙදර යන්න කිව්වා. දින 52ක ආවා. පාස්කු ප්‍රහාරය එල්ල වුණා. ජනතාවට අවශ්‍ය වුණා සිකුරිටි ගාඩ් කෙනෙක්. ඉතින් ජනතාවට අවශ්‍ය විදිහට අපි ගෙදර ගියා. අවසානයේදී රට සම්පූර්ණයෙන්ම කඩන් වැටුණා.
ඒ නිසා මේ තත්ත්වය දැන් වෙනස් කළ යුතුව තිබෙනවා. ජනතාවට අවශ්‍ය දේවල් කරලා රට ඉදිරියට ගෙනියන්න බැහැ. රටක් ඉදිරියට ගෙනියන්න නම් අපි හරි දේ කල යුතුව තිබෙනවා. එහෙම හරි දේවල් කළොත් රටත් ජනතාවත් සියල්ලම ඉදිරියට යාවී.
ඇතැම් අය අහනවා අපි මොනවද අද කරන්නේ කියලා. ප්රතිපත්තියකට වැඩ කරන්නේ කියලා. ඔව් අපි වැඩ කරන්නේ ප්රතිපත්තියකට තමයි. 2020 මහමැතිවරණය වෙනුවෙන් අපි රටේ ජනතාවට ප්‍රතිපත්ති ප්රකාශයනයක් ඉදිරිපත් කළා. ඒ ලියවිල්ල ජනතාව කියවන්නේවත් නැතිව කුණු බක්කියට විසිකළා. එහෙම විසිකරලා අහනවා අපි ක්‍රියාත්මක කරන්නේ මොනවද කියලා.
අපි අද ක්‍රියාත්මක කරන්නේ එදා ඔබ ප්‍රතික්ෂේප කළ ඒ ලියවිල්ලයි. එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඉදිරි වසර සඳහා අපි ක්‍රියා කළ යුත්තේ කෙසේද කියලා. අපි යන ගමන් මාර්ගය වෙනස් කරන්න එපා, එහෙම කළොත් රට විශාල අර්බුධයකට ලක්වේවී කියලා. නමුත් කිසි කෙනෙක් එය තේරුම් ගත්තේ නැහැ. එහි ප්‍රතිඵල අවසානයේදී භුක්ති විඳින්නට සිදුවුණේ අපේ රටේ සමස්ථ මහජනතාවටයි.
මීට වසරකට කලින් ඔබ සිටියේ පෝලිම්වලයි. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වෙලා. එවැනි කණගාටුක දායක තත්ත්වයක් මේ තරම් ඉක්මනින් වෙනස් කිරීමට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසයි. එතුමා ලෝකයටද ආදර්ශයක් දෙමින් වැටුණු රට ඉතා ඉක්මනින් යළි ඔසවා තැබුවා. මෙය දරාගත නොහැකි විවිධ දේශපාලන කණ්ඩායම් අද විවිධ සඨන් පාඨ ඉදිරිපත් කරනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා තිබ්බේ ලෝක වාර්තාවක්. තනි ආසනයෙන් ජනාධිපති වුණු ලොව එකම ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඒක ස්වභාවධර්මයේ ආශිර්වාදයක් හැටියටයි මම දකින්නේ. අපේ වාසනාවට රට කඩාගෙන වැටෙන අවස්ථාවේදී එතුමා හිටියා මේ කඩාවැටෙන රට බාරගන්න.
එතුමා පසුගියදා ඉන්දියාවට ගියා. එහිදී ඉන්දියාවේ අගමැතිතුමන් හමුවී සාකච්ඡා කළා. එතුමා ලබන මාසය වනවිට ඇමරිකාවට යාවී, චීනයට යාවී. මේ සෑම රටක නායකයින් සමඟම කතා බහ කරලා අපේ රට වැටුණු තැනින් ගොඩගනීවී. ඔබ කිසිවිටකත් බය වෙන්න එපා. නැවත වරක් මේ රට කඩා වැටෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉඩ තියන්නේ නැහැ. ඒ ගැන මට සියයට සියයක් විශ්වාසයි.
අපිට වෙන්වෙලා මේ රට ගොඩගන්න බැහැ. ඒ නිසයි ජනාධිපතිතුමා හැම වෙලාවකම සඳහන් කරන්නේ රට ගොඩගන්න අපි සියලුදෙනාම එකතු වෙමු කියලා. අපි බෙදී වෙන් වුණොත් පරාදයි. ඒ වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව තුළ ජාතික සභාව පිහිටුවලා තිබෙන්නේ. ඒ සඳහා සියලුදෙනාටම යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් රට ගොඩනැගීම වෙනුවෙන්. කවුරුහරි කෙනෙක් එය මග හරිනවා නම් ජනතාව ඒ ගැන විමසිල්ලෙන් සොයා බැලිය යුතුයි.
අපේ රට ආසියාවේ බලවත් රටක් බවට පත් කළ හැකියි. නමුත් අපේ රටේ ජනතාව අසමගියි. බෙදුණු ජාතියක් විදිහට අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසයි අද අපේ රට මෙවැනි තත්ත්වයකට පත්වුණේ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකයත් සමඟ ගණුදෙනු කළ හැකි තවත් නායකයෙක් අපේ රටේ නැහැ. එතුමාට අවුරුදු 50 ක දේශපාලන පළපුරුද්දත්, අත්දැකීමුත් අපේ රට ලෝකය හමුවේ ඔසවා තැබීමට උදව් වෙනවා.
එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම.
හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන
මාධ්‍ය ඒකකය






















