Friday, November 13, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය අපි රටක් වශයෙන් අගය කරනවා-මුදල්...

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය අපි රටක් වශයෙන් අගය කරනවා-මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ළඟම අසල්වැසියායි..
ආයෝජනය පමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය අපි රටක් වශයෙන් අගය කරනවා..

  • මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාවට ආසන්නතම අසල්වැසියා වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉන්දියාවේ සහයෝගය, රටක් වශයෙන් ඉතා අගය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII) සහ කොටස් තැරැව්කාර සමාගම් සමඟ එක්ව සංවිධානය කර, ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැති “Invest Sri Lanka”- ඉන්දියා – චෙන්නායි සහ මුම්බායි සංසදයට සහභාගී වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදීය.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ආර්ථික ස්ථායිකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉන්දියාව ඇතුළු සියලුම රටවල් ඊට සහයෝගය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කෘතඥ පූර්වකව සිහිපත් කළේය.

(මීට අදාළ ට්විටර් සබැඳිය මේ සමඟ යොමු කෙරේ.)

මාධ්‍ය ඒකකය,
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා
ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img