Thursday, November 12, 2026
HomeNEWSලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්…

ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්…

ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරියක්…

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.08.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.
කුසිනාරා, බුද්ධගයා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා එල්ලෝරා පසු කරමින් දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය.
සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන දෙසැම්බර් මාසයේ මෙම යතුරුපැදි සවාරිය පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විෂයභාර අමාත්‍යවරුන් සමගද සාකච්ඡා පවත්වා තිබේ.
යතුරුපැදි සවාරියේ ප්‍රධාන සංවිධායකයින් වන ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ රාහුල් පටේල් සහ ප්‍රශාන්ත් කරුල්කර් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img