Saturday, November 7, 2026
HomeNEWSමාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතුළු ආපදා තත්වයන් පිළිබඳව වැඩි අවධානයක්.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතුළු ආපදා තත්වයන් පිළිබඳව වැඩි අවධානයක්.

මාතර දිස්ත්‍රික්කයේ අධික වර්ෂාපතනය සමග ඇති වී ඇති හදිසි ආපදා තත්වය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ (10/04) විදුලි බල හා බල ශක්ති ගරු අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී .ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

එහිදී අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමාගේ සහ ආපදා කළමනාකරණ කමිටුවේ ඉල්ලීම පරිදි ගරු ආණ්ඩුකාරතුමා විසින් මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට උපදෙස් ලබා දුන්නේ අද සහ හෙට මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දැමීම සුදුසු බවත් සැප්තැම්බර් මාසයේ උසාවි දඩමුදල් හා මුද්දර ගාස්තු මිලියන 205 ක් අද දින දකුණු පළාතේ සියළුම පළාත් පාලන ආයතන වෙත මුදාහරින බවයි.

ඉදිරියේ දී ඇති විය හැකි මහ ගංවතුර අවදානම් තත්වය වලක්වා ගැනීම වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සියලුම පොම්පාගාර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදය සහ එයට අවශ්‍ය රුපියල් මිලියන 15 ක මුදල් වෙන් කිරීමත් තවදුරටත් ඉන්ධන අවශ්‍ය වුවහොත් මුදල් ගෙවීමකින් තොරව පොම්පාගාර සදහා අවශ්‍ය ඉන්ධන මාතර ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්තයෙන් නිකුත් කරන ලෙසත් ගරු අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මාතර ඛනිජ තෙල් තොග ගබඩා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දැනට අවතැන් වී ඇති සහ ආපදාවන්ට ලක්වී ඇති පවුල් 25553 ක ජනතාව වෙනුවෙන් සහන සැලසීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වූ අතර කොටු වී ඇති පවුල් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාල පළාත් පාලන ආයතන මගින් එක්ව පිසූ ආහාර, ජලය සහ වියළි ආහාර ලබා දීමට අවශ්‍ය මුල්‍ය අනුමැතියද ලබා දෙනු ලැබීය.

දිනපතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එම බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සමග එම ප්‍රදේශයන් වල යාවත්කාලීන් දත්ත සහ අවශ්‍යතා හඳුනාගෙන එම පහසුකම් සැපයීමට සහ අවශ්‍ය මුල්‍ය පහසුකම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සහ පළාත් සභාවෙන් ලබා ගැනීමට ද යෝජනා වූ අතර, විශේෂයෙන්ම මහා ගංවතුර අවස්ථාවක් වෙනුවෙන් සහ ගල් බන්ට් එක පුපුරා ගියහොත් සිදු විය හැකි හානිය වෙනුවෙන් පෙර සුදානමක් ලෙස අවතැන් වන පවුල් රදවා තැබීම වෙනුවෙන් සුදුසු මධ්‍යස්ථාන හදුනා ගැනීම සහ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම එකී මධ්‍යස්ථාන පරිපාලනය කිරීමට නිවැරදි දත්ත ලබා ගැනීමට නිලධාරීයෙකු පත් කිරීම, එයට අවශ්‍ය පානීය ජලය, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහ ආහාර පහසුකම් සහ යටිතල හා සමීපාරක්ෂක පහසුකම් හැකි ඉක්මනින් සැලසුම් කිරීමට උපදෙස් ලබා දෙන ලදී.

මේ මොහොතේ දැඩි අවශ්‍යතාවයක්ව පවතින ඔරු සහ කුඩා යාත්‍රා , සහ ජලයේ ගමන් කළ හැකි වාහන නාවික හමුදාව, ධීවර දෙපාර්තමේන්තුව සහ ජල ජීවී සංවර්ධන අධිකාරියේ සම්බන්ධීකරණයෙන් ලබා ගැනීමට සහ ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ස්ථානගත කිරීමත් සහ යෙදවීමත් සිදු කිරීමට කටයුතු කරනු ලැබුණි.

ආපදා තත්වය හමුවේ නාය ගිය මාර්ග පිළිසකර කිරීම,පස් ඉවත් කිරීම ,ඇල මාර්ග, බෝක්කු කාණු පිරිසිදු කිරීම වෙනුවෙන් JCB යන්ත්‍ර සූත්‍ර කුලියට හෝ ලබා ගෙන අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සියළුම පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට,මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී..

දෙනියාය රෝහල, විහාර හේන මාර්ගය නාය යාම නිසා මාර්ගයේ ගොඩ ගැසී ඇති පස් නොමිලේ ලබා දීම සිදු කරනු ලබන අතර ඔබට පස් අවශ්‍ය නම් වාහනයක් රැගෙන පැමිණ රැගෙන යා හැකි බවත් ආපදා කළමනාකරණ කමිටුවේදී තීරණය විය..

මාර්ග ජලයෙන් යටවී ඇති පසුබිමක බස් රථ එකී මාර්ගය හරහා ගමන් කිරීමේ දී සිදුවිය හැකි අනතුරු හා හානි වළක්වා ගැනීම පිළිබඳව දිගින් දිගටම දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ජයසිංහ මහතා කරුණු ඉදිරිපත් කළ අතර ඒ සදහා බස් රථ රියදුරු මහත්වරුන්ට පෙනෙන ලෙස මාර්ගයේ ජලය පවතින ස්ථානවල ජල මාපාංක සටහන් කර තබන ලෙසට ගරු අමාත්‍යතුමා විසින් ඒ ඒ අදාළ බල ප්‍රදේශවල පොලිස් ස්ථානවලට සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය..

ආපදා තත්වය පහව යාමෙන් අනතුරුව පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටළු පිළිබඳව ඒ සදහා ගත හැකි විසදුම් පිළිබඳව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමියට ද උපදෙස් ලබා දුන් අතර අධ්‍යක්ෂකතුමිය ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේද ගෙන ඇති බව ප්‍රකාශ කරන ලදී.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඊරියතොට පොම්පාගාරය නාය යාමෙන් පොම්පාගාරයෙන් කඹුරුපිටිය නගරයට ජලය ගෙන යන නල මාර්ගය විනාශ වීම නිසා මේ මොහොතේ කඹුරුපිටිය නගරයේ ජල සැපයුම නැවතී ඇති බවත් නල මාර්ගය සෑදීම සදහා අවශ්‍ය බට ලබා දෙන ලෙස කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය කමිටුවේ දී පැවසූ අතර ඒ සදහා අවශ්‍ය බට මාතර දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩලය හරහා අද දිනයේ ලබා දීමටත් එකගතාවය පළ කළේය.

ලවණ බාධකය සම්බන්ධයෙන් ඇති වී ඇති ගැටළුව ජල සම්පාදන මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සුදුසු තාක්ෂණික තීරණයක් ගෙන අවශ්‍ය කටයුතු කිරීමට ද දැනුවත් කරනු ලැබුණි.

වැරදි දත්ත සමාජ මාධ්‍ය තුළින් නිකුත් වීම වැළැක්වීමට එදිනෙදා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා හා ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ලේකම්වරුන් සමග පවත්වනු ලබන zoom රැස්වීම් වලදී ගනුලැබූ තීරණ ආපදා තත්වය පිළිබඳව වූ ආපදා කළමනාකරණ කමිටුව හරහා ගනු ලබන යාවත්කාලීන දත්ත මාධ්‍ය නිවේදන ලෙස මුදා හැරීමටත් කටයුතු කරන ලෙස උපදෙස් ලබා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට ගරු අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය..

මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්තුමා, හිටපු දකුණු පළාත් සභා ගරු මන්ත්‍රී සරත් යාපා අබේවර්ධන මහතා, මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු ගරු සභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන්, මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතා, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක ජෙනරාල් 61 වන සේනාංකාධිපති රණසිංහ මහතා, වාරිමාර්ග අධ්‍යක්ෂක ජෙනරාල්තුමා, ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න, මහත්මිය, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, මාතර දිස්ත්‍රික් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඔමිනි මුදලිගේ මහතා,ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන්, අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලි, වාරිමාර්ග, ජල සම්පාදන, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රවාහන අධිකාරි, ටෙලිකොම්, හමුදා අංශ, අපදා කළමනාකරණ නියෝජනය කරන නිළධාරීන් ඇතුළු දිස්ත්‍රික්කයේ මධ්‍යම රජයේ සහ පළාත් සභවේ සියළුම රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img