ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව බියගම ඉදි කිරීමට නියමිත ළමා සහ ජාතික රෝහල පිළිබඳ පසු විපරම් සාකච්ඡා කිහිපයක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.මෙහිදී එම ව්‍යාපෘතිය සම්බන්ධව දැනට පවතින අභියෝග සහ වත්මන් වර්ධනයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්චා කරන ලදී.ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබනවා.සෞඛ්‍ය සේවා සඳහා වන ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා.ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ජාතික රෝහලක් සහ ළමා රෝහලක් එම දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.ඒ සඳහා බියගම උතුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලසීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.






















