Saturday, May 23, 2026
HomeNEWSමාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළුගංවතුර තත්ත්වයක්.

මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල සුළුගංවතුර තත්ත්වයක්.

මාතර දිස්ත්‍රික්කයට සහ නිල්වලා ගඟෙහි ඉහළ පෝෂක ප්‍රදේශ වලට ඇදහැලුණු වැසි හේතුවෙන් නිල්වලා ගඟෙහි ජල මට්ටම ඉහළගොස් ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමේ පවතියි.තලගහගොඩ ප්‍රදේශයෙන් නිල්වලා ගඟ අවධානම් මට්ටමේ පවතියි.පවතින තත්ත්වය තුළ මාර්ග කිහිපයක් මේ වනවිට සුළු වශයෙන් ජලයෙන් යටවී තිබේ.එම ප්‍රදේශ වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img