Tuesday, September 15, 2026
HomeNEWSජනපති පංචිකාවත්තේදී ඡන්දය ප්‍රකාශ කරයි.

ජනපති පංචිකාවත්තේදී ඡන්දය ප්‍රකාශ කරයි.

ජනපති ඡන්දය ප්‍රකාශ කරයිඋතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා- ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ජනපති කියයිශ්‍රී ලංකාවේ දස වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමේ, 2024 මහ මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී අද (14) පෙරවරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩ නැඟීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියළු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඇති කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියළු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බවද මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳි බව ද පැවසූ ජනාධිපතිවරයා එය මෙරට දේශපාලන සංස්කෘතිය බවට පත්විය යුතු බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 196 ක් සඳහා අපේක්ෂකයින් 8361 දෙනෙකු මෙවර මහා මැතිවරණයට තරග කරනු ලබයි. ආසන 29ක් ජාතික ලැයිස්තුව මඟින් තෝරා පත් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...

දිස්ත්‍රික්ක 21 කට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img