Saturday, May 23, 2026
HomeNEWSමීළඟ සියලු මැතිවරණ වලට එජාපය අලියා ලකුණින්-වජිර.

මීළඟ සියලු මැතිවරණ වලට එජාපය අලියා ලකුණින්-වජිර.

එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා අද (15) දින ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය අපි පසුගිය සතිය තුළදී සාකච්ඡා කළා මීළඟ සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය, මේ රටේ විවිධ වෙනස් කම් කළ පක්ෂයක් හැටියට, මීළඟ පළාත් පාලන මැතිවරණයත්, ඉදිරියේ පැමිණෙන සියලු මැතිවරණ සඳහා හවුලකින් තොරව අලියා ලකුණ යටතේ තරඟ කළ යුතුයි කියන තැන වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පක්ෂයේ අනෙකුත් අය සාකච්ඡා කරමින් තිබෙනවා. එය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වයත්, එක්සත් ජාතික පක්ෂයේ ගමන් මගත් සහ වර්තමාන ආණඩුවේ යම් යම් අවස්ථාවල ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද කරුණු සමත් කර ගැනීමට අපොහොසත් වන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදීව එක්සත් ජාතික පක්ෂය එ් සඳහා ක්‍රියාකිරීමට පෙළ ගැසෙමින් සිටිනවා. ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වුණේ දේශපාලන පක්ෂ ගණනාවකින් සමන්විත විවිධ කණ්ඩායම් නියෝජනයක් සමගයි. මේ තරඟ වැඳීම තුළ අපි කාරණා දෙකක් මතක තබා ගත යුතුයි. එකක් තමයි රටේජනතාව විශාල වශයෙන් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබෙනවා. අති විශාල ිපරිසක් ප්‍රධාන වශයෙන්ම පරාජ්‍ය වූ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ සාමාජිකයින්. ඔවුන් බලාපොරොත්තුවෙන යම් යම් කාරණා තිබෙන්න පුලුවන්. ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ඓතිහාසික ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපේ ප්‍රශංසාව අපි පුදකර සිටිනවා. ඒ වගේම මෙය ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදිනක අපිට ඉටුකර ගැනීමට නොහැකි වූ කාරණයක් වර්තමාන ජනාධිපතිතුමත්, මේ බලයට පත්වන ආණ්ඩුවත් ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ගැන අපි ශ්‍රී ලාංකිකයින් හැටියට සතුටු විය යුතුව තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තම නිදහසින් පස්සේ ඩී. එස්. සේනානායක මැතිතුමන්ගෙන් පස්සේ විවිධ අවස්ථාවල ද්‍රවිඩ නායකයින් කැබිනට් මණ්ඩලය නියෝජනය කළත් ඒ නියෝජනය කළ කැබිනට් මණ්ඩලයේ ද්‍රවිඩ නායකයින් ඔවුන්ට ආවේණික වූ පක්ෂවලින් ජයග්‍රහණය කර නියෝජනය කිරීම තමයි සිදුවී තිබුණේ. ඒ කියන්නේ පසුගිය රජයේ ඩග්ලස් දේවානන්ද මැතිතුමා කැබිනට් එක නියෝජනය කළත් දකුණේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් නෙමෙයි ඔහු කැබිනට් අමාත්‍ය ධූරයේ වැඩකටයුතු සිදුකළේ. ඒ නිසා තමයි මෙය විශේෂ අවස්ථාවක් කියලා මම කිව්වේ. දකුණේ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් උතුරෙත් නැගෙනහිරත්, විවිධ දේශපාලන පක්ෂ විවිධ බලවේග සමගින් ක්‍රියා කරමින් සිටියදී දකුණේ දේශපාලන පක්ෂයක් කෙරෙහි විශ්වාසය තබලා විශේෂ ජයග්‍රහණයක් ලබා තිබෙන්නේ. එවිට ඔවුනුත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් හැටියට පැමිණෙයි. එය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින් හැටියට ලැබූ ජයග්‍රහණයක් හැටියටයි අපි දකින්නේ. එයට විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය අපේ සතුට පළකර සිටිනවා. මොකද මේ රටේ ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට යම් යම් අවස්ථාවලදී එකඟතාවයන්ට පැමිණෙන්න තිබෙනවා. දැන් කෙසේ හෝ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් එහෙම නැතිනම් විශාල වෙනස්කම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් ඔවුන්ට කියන්න බැහැ එය ඉටු කරන්න බැහැ කියලා. බලය කියන්නේ මහා ශක්තිමත් අවියක්. ඒ ශක්තිමත් අවිය කෙසේද ශ්‍රී ලාංකික දෙකෝටි විසි ලක්ෂයක් මහජනතාවගේ යහපත සඳහා යොදවන්නේ කියන අභියෝගය මේ මොහොතේ සිට වර්තමාන ජනාධිපතිවරයාටත් රජයටත් තිබෙනවා.එසේනම් ඒ අභියෝගය අපේ මතය හැටියට අපින් දිගින් දිගටම ප්‍රකාශ කරන්නෙත්, ප්‍රකාශ කලෙත් ඒ මැතිවරණ ජයග්‍රහණය කළත් ඒ අභියෝග ජයගන්න අසමත්වන බවයි. ඒ අපි දරණ ආර්ථික න්‍යාය පත්‍රයත් අපි දරණ ආසියාතික දේශපාලන විග්‍රහයත් තුළ අපි එසේ අපේ මතයක් දැරීම ප්‍රජාතන්වාදයක් හැටි අපි ප්‍රකාශ කරන්න කැමතියි. කෙසේ හෝ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාවගේ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් ඉටුකළ යුතුව තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් හැටියට දකුණේ දේශපාලන පක්ෂයක් උතුරේ විශ්වාසය දිනා ගැනීම ගැන අපේ සතුට අපි පුදකර සිටින්න කැමතියි. ඒ වගේම පහුගිය විපකෂය ගැනත් මේ අවස්ථාවේදී මම වදනයක් කියන්න කැමතියි. මැතිවරණයට කලිනුත් අපි ප්‍රකාශ කළේ ඔවුන්ට ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් නොකළ බවයි. අපිට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය කර තිබෙනවා. නව දේශපාලන ගමනක් අවශ්‍ය කර තිබෙනවා. මේ රටේ දුගී දුප්පත් ජනතාව පිළිබඳ නිසි දැනුමකින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සකස්කර ගත යුතුව තිබෙනවා. ඉතාම දිළිදු ජනතාව එහෙම නැතිනම් දැනුමෙන් අඩු ජනතාවක් ඔවුන්ගේ සිතුවිලි කෙසේද ඒකරාශී කරගන්නේ මේ රටේ දියුණුව සඳහා කියලා කල්පනා කර යුතුව තිබෙනවා. අපි විශ්වාස කරන දේශපාලන දර්ශනයට අනුව වර්තමාන රජය ආර්ථික වශයෙන් ඒ වගේම දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ඔවුන් භාරගත් අභීයෝග ජයග්‍රහණය කළ යුතුව තිබෙනවා. අපි ඒ සඳහා ඔවුන්ට බාධා නොකළ යුතුයි ශ්‍රී ලාංකික මහජනතාව හැටියට. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට බලා සිටිය යුතුයි ඔවුන් දුන් බලාපොරොත්තු ප්‍රමාණය කෙසේද ශ්‍රී ලාංකික මහජනතාවට ලබාදෙන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂ සභාපතිවජිර අබේවර්ධනමාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img