මල්පාර කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යෙව්දීන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගෙන් ඇසු ප්‍රශ්න සහ ඒවාට අබේවර්ධන මහතා ලබාදුන් පිළිතුරු ප්රශ්නය -සිලින්ඩරයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ රවී කරුණානායක මැතිතුමා කියලා මේ වනවිට රාවයක් පැතිර යනවා. මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ මතය කුමක්ද?පිළිතුර -එම කාරණාව පිළිබඳ අද පැවැති එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී පැන නැගුණා. මේ පිළිබඳව රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා සමග මෙවර මහමැතවරණය සඳහා සිලින්ඩරය ලකුණින් ඉදිරිපත් වුණු අනෙකුත් දේශපාලන පක්ෂත් සාකච්ඡා කරමින් තිබුණා. ඒ සාකච්ඡා කරමින් තිබෙන අතරතුරදී එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු දැනුවත් බාවයකින් තොරව එතුමාගේ නම සිලින්ඩරය හිමි දේශපාලන පක්ෂයෙන් යේජනා කළා කියලා අපිට දැනගන්නට ලැබුණා.නමුත් පක්ෂය හැටියට අපි කල්පනා කළේ මේ මන්ත්‍රී ධූරය සඳහා තලතා අතුකෝරාල මැතිණිය හෝ නීතිඥ රොනල්ඩ් පෙරේරා මැතිතුමා යැවිය යුතුයි කියලා. ඒ පිළිබඳ අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් සිටියේ. ඒ ගැන නිසි තීරණයක් ගැනීමට ප්‍රථම මෙවැනි දෙයක් සිදුවෙලා තිබෙනවා.එසේනම් අපි එම තීරණය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය ලෙස පක්ෂ ව්‍යවස්ථාවේ 3(3) වගන්තිය, 3(4) වගන්තිය, 9(7) වගන්තිය, 13(7) වගන්තිය, 13(8) වගන්තියන් උල්ලංඝනයවීමක් සිදුවෙලා තිබෙනවා. මේ ප්රශ්නය පිළිබඳව අපි කණ්ඩායමක් ලෙස එකට ක්‍රියා කර තිබෙන නිසා හෙට උදේ 10ට අනෙක් දේශපාලන පක්ෂත් සමගත් සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මේ පත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය කිසිවක් දැන නොසිටි බව මා මේ මොාහොතේ ප්‍රකාශ කරනවා.ප්රශ්නය -ඒ කියන්නේ සාකච්ඡාවකන් තොරවද මේ පත්වීම සිදුකර තිබෙන්නේ?පිළිතුර -ඇත්තවශයෙන්ම මෙය එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාවකින් තොරව සිදුවුණු ක්‍රියාවලියක්. අද සවස අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ අපේ පක්ෂයේ ප්‍රධානීන් මේ පිළිබඳව සාකච්ඡා කළා. එවිට අපේ මතය වුණේ හෙට උදෑසන 10ට සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු සියලු දේශපාලන පක්ෂවල ප්‍රධානීන් සමග සාකච්ඡා කොට මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමයි.ප්රශ්නය -රවී කරුණානායක මැතිතුමන්ගේ නම මේ සඳහා යෝජනා වුණෞ කොහොමද?පිළිතුර -එය සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කළ දේශපාලන පක්ෂයේ ක්‍රියාවලියක් ලෙසයි අපිට දනට දැනගන්න තිබෙන්නේ. එ් ගැන අපි හෙට උදේ 10ට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න නියමිතව තිබෙනවා.






















