Saturday, May 23, 2026
HomeNEWSපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හතක් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන එන බව හේෂා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හතක් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන එන බව හේෂා කියයි.

අද (19) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාය,‘‘ජනාධිපති අනුර දිසානායක මහතාට 159 ක මන්ත්‍රීවරු පිරිසකගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක බලයක් ලබාදිමට ජනතාව කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම රටේ බලය සහ පාර්ලිමේන්තුවේ බලය ජාතික ජන බලවේගයට ලබාදුන්නොත් මාස හයකින් රට ගොඩනගා පෙන්වන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එ් අනුව එළඹෙන 21 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරනවා. එතැන් සිට මාස හයක කාලයක් තුළ රට තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනිම සිදුකරයි කියලා සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙනවා. මේ වනවිට ජනාධිපතිවරයා ඉල්ලු බලයට වඩා වැඩි බලයක් රටේ ජනතාව අනුර දිසානායක ජනාධිපතිවරයාට ලබාදිලා තිබෙනවා. ජනාධිපතිවරයා ඕනෑම දෙයක් රට වෙනුවෙන් සිදුකරන්න ජනතාව අති විශාල ජන වරමක් ලබාදිලා තිබෙනවා. ඒ වගේම පුවත් පතක සදහන් වුණා මන්ත්‍රිවරන්ගේ වරප්‍රසාද හතක් පිළිබඳ සඳහන් වෙලා තිබුණා. ඒ වරප්‍රසාද හත ඉවත් කරන බවට වුණ පොරොන්දුව තමයි ජාතික ජනබලවේගයේ ජනවරම තුළ තිබෙන්නේ. මේ වරප්‍රාසද නතර කිරිම වෙනුවෙන් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙනවා. මගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. අනුර දිසානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ මව කේන්ද්‍ර කරගෙන කාරණ කිහිපයක් ඉදිරිපත් කළා. ඒ කාරණ පැය 24 ක් තුළ ඉවත් කරන බව ඔහු සඳහන් කළා නමුත් තවම ඉවත් කරලා නෑ. හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පැය 24 ක් තුළ ඉවත් කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් තවමත් ඉවත් කරලා නැහැ. ඒ නිසා මුලින්ම ඒ වරප්‍රසාදය ඉවත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මම සහ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ආහාර ලබාගැනිම ප්‍රතික්ෂේප කරලා ලිඛිතව ලිපියක් භාර දුන්නා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා වෙනුවෙන්ම පාර්ලිමේන්තුව තුළ ආහාර සැකසිම සිදුකරනවා. නමුත් ඇතැම් දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉතා අඩු ප්‍රමාණයක් තමයි පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ලබා ගන්නා අවස්ථා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අවට ආරක්ෂක විදුලි පහන් හතර ඉවත් කරන බව සඳහන් වුණා එය වහාම ඉවත් කරන්න කටයුතු කරන්න. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන උදැසන සහ දිවා ආහාර සම්පුර්ණයෙන් නතර කළ යුතුයි. අවශ්‍යනම් මුදල් ගෙවලා මන්ත්‍රීවරුන්ට කැම ලබාගැනීමේ වටපිටාවක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මිලියන දහයක ණයක් ලබාදෙනවා. එය අවශ්‍ය වෙන්නේ නැ එය සම්පුර්ණයෙන් නතර කළ යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදෙන ආරක්ෂාව නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.ඒ වගේම වර්තමානයේ කැබිනට් ඇමැතිවරු පොලොවේ පය ගහලා වැඩ කරපු ඇමැතිවරු සිටින්නේ. ඒ නිසා ඔවුන්ට කොළඹ සුපිරි නිවාස අවශ්‍ය වෙන්නේ නැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට සාධාරණයක් කරමින් ඇමැතිවරුන්ට ලබාදෙන නිවාස කුලි පදනම මත ලබාදිලා ඒ මුදල් මහපොළ අරමුදලට ලබා දෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යාලයකට ලක්ෂයක මුදලක් ලබාදිලා තිබෙනවා. ඒ මුදල අවශ්‍ය වෙන්නේ නෑ. ඒ මුදල් කපා හැරලා මන්ත්‍රිවරයෙකුගේ මුලික වැටුප ලබා දිමට කටයුතු කරන්න. නැතිනම් ඒ මුදලත් නොමැතිව ගරු සේවයක් බවට පාර්ලිමේන්තුව පත් කරන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. ඒ වගේම අනෙකුත් දිමනා නරත කර ජනතාවට පොරොන්දු වුණ ආදර්ශය ලබාදෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ඒ වගේම මදිවෙල නිවාස මන්ත්‍රිවරුන්ට ලබානොදෙන්න කටයුතු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිවාස විශ්ව විද්‍යාල දරුවන්ට නේවාසිකාර ලෙස ලබාදෙන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලිමක් කරනවා. ඊට වඩා හොද යෝජනාවක් රජයට හෝ ජනාධිපතිවරයාට තිබෙනවානම් එය ක්‍රියාත්මක කරන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.ඒ වගේම රක්ෂණ ආවරණය ලෙස මන්ත්‍රිවරුන්ට ලක්ෂ දහයක මුදලක් ලබා දෙනවා. නමුත් පසුගිය ආණ්ඩුව ඒ මුදල් ප්‍රමාණය වැඩි කර ගත්තා. ඒ රක්ෂනාවරණය වහාම නරත කරන්න කියලා සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප පැය විසි හතරෙන් ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් එය සිදුවෙලා නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප වහාම අහෝසි කරන්න කටයුතු කරන්න කියලා සමගි ජන බලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට කතා කිරිමට තිබෙන නිදහස අහිමි කරන්න කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මන්ත්‍රිවරයෙකුට සමාජය තුළ දකින ප්‍රශ්න කෙරෙහි මාධ්‍ය ඉදිරියේ සිදුකරන්න බැරි කාරණා පාර්ලිමේන්තුව තුළ කියන්න හැකියාව තිබෙනවා. එය නියාමනය කළ යුතුයි. මන්ත්‍රිවරුන්ගේ ප්‍රභුත්වය නැති කරලා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කියන තැන ආරක්ෂා කළ හැකි මන්ත්‍රිවරු හදන සැබැ අපේක්ෂාවක් අනුර දිසානායක ජනාධිපතිවරයාට තිබෙනවානම් ඒ සඳහා සමගි ජන බලවේගය ශක්තිය දෙන්න සුදානම්. මේ කියපු කාරණාවලින් බොහෝමයක් ඉටු කරන්න ආණ්ඩුවේ මන්ත්‍රිවරු සුදානම් නැහැ. අනුර දිසානායක ජනාධිපතිවරයාට පුලුවන් නම් මේ වරප්‍රසාද ඉවත් කරන බවට වන පොරොන්දුව ජනතාවට ලබාදෙන්න කියලා සමගි ජනබලවේගයේ අපි ඉල්ලා සිටිනවා.‘‘පක්ෂය තුළ කිසිදු අභ්‍යන්තර ගැටලුවක් නැහැ‘‘ඒ වගේම සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර පත් කිරිම සම්බන්ධයෙන් අවසන් සාකඡාවක් පැවැත්වෙනවා. ඉදිරියේදී ජාතික ලැයිස්තුවෙන් අවශ්‍ය මන්ත්‍රිවරු නිත්‍යානුකුලව පත් කිරිම සිදුකරනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර පත් කිරිම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී නැහැ. මාධ්‍ය සහ ආණ්ඩුව මවන කිසිදු ගැටලුවක් සමගි ජන බලවේගය තුළ ඇති වී නැහැ. ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහනය පිටුපස තිබෙන්නේ අනුර දිසානායක මහතාගේ හැකියාව නෙවෙයි. ජාතික ජන බලවේගය ලබාගත් ජයග්‍රහනය පිටුපස තිබෙන්නේ ගොඨාභය රාජපක්ෂ ඇතිකළ විනාශයේ ප්‍රතිඵලය. ඒ විනාශයේ වින්දිතයන් බවට පත්වුනේ සමගි ජනබලවේගයේ කණ්ඩායම. ඒ වගේම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවිධ චෝදනා එල්ල කරනවා විවිධ මඩ ප්‍රහාර එල්ල කරනවා. නමුත් ඔහු කිසිදු වරදක් නොකරපු නායකයෙක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතා රටෙන් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා කියලා රට තුළ කතා බහක් තිබෙනවා. නමුත් එවැනි කිසිදු ප්‍රතික්ෂේප වීමක් සිදුවෙලා නැහැ. ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img