Thursday, November 12, 2026
HomeNEWSඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්.

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ කොටසකටද හානි වී ඇත.එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම ප්‍රහාර මාලාව හේතුවෙන් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ කාර්යාල ගණනාවකට හානි වී ඇති බවයි.අසල තිබූ බස් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.කෙසේ වෙතත් එම ප්‍රහාර මාලාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට තුවාල සිදුව නැති බවද තානාපතිවරයා පැවසීය.ප‍්‍රහාර හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදුවුවද එහි කටයුතු සාමාන්‍ය පරිදි ඊයේ දිනයද සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ

2027 අයවැය: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු:25,000 කින් වැඩි කෙරේ. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය විශේෂ රාජකාරී දීමනා රු:6000 කින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය රු:2000...

රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට

2027 අයවැය: රජයේ විධායක නිලධාරීන්ට දෙන රු:50,000 ප්‍රවාහන දීමනාව රු:100,000 දක්වා ඉහළට. විද්‍යුත් වාහන භාවිත කරන නිලධාරීන්ට ජූලි මාසයේ සිට 150% දීමනා ඉහළ නැංවීමක්.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img