Wednesday, November 11, 2026
HomeNEWSජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම...

ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් -විපක්ෂ නායක සජිත්.

*හිටපු රජයේ ජන පීඩිත අයි එම් එෆ් ගිවිසුමම වත්මන් රජය ක්‍රියාත්මක කරනවා යැයි පැවසීම ජනවරමට පිටුපෑමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*වත්මන් රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු කාරණා අතර පරස්පරයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමේ දී, ද්විපාර්ශ්වීය ණය, සෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු කාරණා ගැන යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවත් වේදිකාවේ අහන්න ලැබුණේ පවතින අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යාම වුවත් මේ වන විට රජය ඉන් බැහැර වී ඇති බවත් එය බරපතල කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.**හිටපු ජනපති පාරේ වත්මන් රජයත් යනවා පේනවා*රටේ ජනතාව ඓතිහාසික වාර්තාගත ජන වරමක් ලබා දීමත් සමඟ අයි එම් එෆ් ගිවිසුමේ ඇති පීඩකාරි අසහනකාරි දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජය අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇති බවත් ජනතාව තුනෙන් දෙකක වරමක් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*ජනවරමට ගරු කර අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන්න*සමගි ජන බලවේගය ද වේදිකාවේ කිව්වේ අයි එම් එෆ් රාමුව තුළ සිට පවතින ගිවිසුම ජනතාවාදීව වෙනස් කරන බව වුවත් අද වන විට වත්මන් රජය පැරණි ආකාරයට ඉදිරියට යන බව දක්නට ලැබුණු බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දුප්පත්කම තුරන් කිරීම, ගර්භනී මව්වරුන් ළදරුවන් දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මන්දපෝෂණය තුරන් කර දේශීය ආර්ථිකය ගොඩනැංවීමට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විවිධ අපනයන වෙළෙඳපොළ හා කටයුතු කිරීම යන කරුණු කාරණා තිබුණත් ඒවා ක්‍රියාවට නැංවිය යුතු බවත් කතාව ක්‍රියාවට නැංවීමට සහාය දෙන බවත් ය.*මැතිවරණ පොරොන්දු ඉටු කරන්න කාලය හරි*නමුත් පවතින අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කිරිමට වත්මන් රජය බැදී සිටිම ගැන පුදුම වන බවත් වැට් බදු හා බදු ව්‍යුහය මෙන්ම සමස්ත ආර්ථික ක්‍රියාදාම ක්‍රියාවලිය පැරනි ආකාරයට ක්‍රියාත්මක කිරිමට නම් ජන වරමක් ලබා නොදුන් බැවින් පොරොන්දු වූ වෙනස් කම් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.*හොඳ දේකට නම් අපිත් සහාය දෙනවා*රට වැටී ඇති දැවැන්ත අර්බුධකාරී තත්ත්වය තුළ සියලු දෙනා අත්වැල් බැඳ ගෙන රට ගොඩනගන වැඩපිළිවෙළට සහය දිය යුතු බවත් රටටත් ජනතාවටත් ධනාත්මකව සෙත සැලසෙන සෑම ක්‍රියාදාමයකටම උදව් කළ යුතු බවත් යම් අඩුපාඩුවක් වරදක් සිදුවන්නේ නම් එම වරද අඩුපාඩු පෙන්වා දෙනවා සේම එයට විරුද්ධව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.https://youtu.be/lFFmSCVLZlo?si=KGYTpLQcEY7lxxGw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img