Wednesday, November 11, 2026
HomeNEWSබොරු කියන්න බැරි, අපහාස කරන්න බැරි පනතක් ගෙන ඒමට නාමල් සැරසෙයි.

බොරු කියන්න බැරි, අපහාස කරන්න බැරි පනතක් ගෙන ඒමට නාමල් සැරසෙයි.

දේශපාලන භූමියේදී සිදුකරන අපහාසාත්මක අසත්‍ය චෝදනාවලට නීතිමය පියවර ගත හැකි ශක්තිමත් නව පනතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ලැම්බෝගිනි 18ක් ඇති බවටත්, උගන්ඩාවට මුදල් ගෙනගිය බවටත් චෝදනා කළ පුද්ගලයන් පසුව තමන් බොරු ප්‍රකාශ කළ බව ප්‍රකාශ කළත් එම චෝදනාවන්ට ලක්වූ පුද්ගලයන්ට ඒ වනවිට සිදුවී ඇති හානිය නිවැරදි කළ නොහැකි බව පැවසූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ දේශපාලන භූමියේදී බොරු චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව කටයුතු කළ හැකි ආකාරයට නීතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආණඩුවෙන්ද ඉල්ලා සිටින බවයි.දේශපාලන භූමියේදී තමන්ගේ නමට එල්ල වී ඇති බොරු චෝදනා හේතුවෙන් තමන්ට සිදුවී ඇති හානිය නිවැරදිකර ගැනීමට පෙර එබඳු චෝදනා හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නමට සිදුවී ඇති හානිය නිදොස් කොට නිදහස්කර ගැනීමට තමන් ප්‍රමුඛතාවයක් දී කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනමද? විපක්ෂ නායක සජිත්

භාණ්ඩාගාරය මුදල්වලින් පිරී ඉතිරී ඇත්නම් ජනතාවට සහන දෙන්න අයවැයක් ඕනිමද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වර්තමාන රජය තුළින් රටේ ලක්ෂ 220 ජනතාවට සිදුවන හානිය, ජීවත්...

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට 2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි

අනුරාධපුර - රුවන්වැලි මහා සෑය අසල දන්සැල් භූමියේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන් වහන්සේ තිදෙනෙකු මාරාන්තික උපවාසයක් අරඹයි.

පළාත් කිහිපයකට අද(11) තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (11) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img