Thursday, November 5, 2026
HomeNEWSසංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාවට චීන ජනපතිගේ උපරිම සහය.

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාවට චීන ජනපතිගේ උපරිම සහය.

චීන ජනපති ෂී ජින් පිං මහතාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම්- චීන ජනපති දෙරට අතර ආර්ථික, සාමාජයීය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

යුරෝපා ගුවන් ගමන් 08ක් බෝම්බ තර්ජනවලට ලක්ව හදිසියේ ගොඩ බායි

කෝපන්හේගන්, මැඩ්රිඩ්, මිලාන් ඇතුළු ස්ථානවලින් පිටත් වූ යුරෝපා ගුවන් ගමන් 08 ක් අද (05) බෝම්බ තර්ජනවලට ලක්ව ඇති අතර, හදිසි ගොඩබෑම් කළත් මෙතෙක් අනතුරුදායක...

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු පිටියට සමුදීමට යයි

නොවැම්බර් 17 න් අවසන් වන තරග විරාමයෙන් පසු, ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව, පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නිවේදනය කරයි.

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ

අත්‍යවශ්‍ය ගනුදෙනු 08ක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම 2027 අප්‍රේල් 1 දක්වා කල් දැමේ: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව.

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි

අග්‍රාමාත්‍යතුමිය කෙන්යාවේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img