Friday, July 17, 2026
HomeNEWSරනිල්ව පරද්දපු එකේ විපාක දැන් ජනතාවට තේරෙනවා ඇති- වජිර.

රනිල්ව පරද්දපු එකේ විපාක දැන් ජනතාවට තේරෙනවා ඇති- වජිර.

“මහජන පරමාධිපත්‍ය බලගන්වමු“ තේමාව යටතේ අද (25) දින ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති, ගාල්ල, අක්මීමණ සහ හබරාදූව මැතිවරණ කොට්ඨාශවල බලමණ්ඩල රැස්වීම් අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිදුකළ කතාව අපි කට කැඩෙනකන් අපේ රටේ මහජනතාවට කිව්වා මේ වැරැද්ද ජාතියට කරන්න එපා කියලා. මේක ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ඡන්ද දායකයින්ට කොච්චර එපා කිව්වත් ඔවුන් ජාතියට මේ වැරැද්ද කරනවා. බලන්න මේ අය කරගන්න අපරාදය.දැන් වර්තමාන ආණ්ඩුව බලයට ආවේ 77 වසරක සාපයක් ගැන කියලා. ඉතින් බලන්නකෝ මේ සාපය තිබුණු අවුරුදු 77ටම පොල් ගෙඩිය රුපියල් 100යිනේ. දැන් පොල් ගෙඩිය කීයද? රුපියල් 249යි. සමහර තැන්වල ඊටත් එහා. ඉස්සරහට රුපියල් 300ට විතර යයි. ඉතින් එහෙනම් අදට වඩා සාපය තිබුණු කාලේ හොඳයිනේ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ පහුගිය අවුරුදු දෙකෙත් රිලව්ත් හිටියා, රනිලුත් හිටියා, පොලුත් තිබුණා. ප්‍රධාන හාල් මෝල් හිමියන් පස්දෙනාත් හටියා, රනිලුත් හටියා හාලුත් තිබුණා. ඉතින් ජනතාව මේ යථාර්තය දැන්වත් තේරුම් ගන්න ඕන.මෙන්න මේ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙන්න මෙතනදිම කිව්වේ, පළපුරුද්ද කියන්නේ ඉතා වැදලත් දෙයක් ඒ නිසා පළපුරුද්ද නැති අයව පාර්ලිමේන්තු යවන්න එපා කියලා. නමුත් ජනතාව ඒක ඇහුවේ නැහැ. ජනතාව එය විහිලුවට ගත්තා, අපහාසයට ලක් කළා. පළපුරුද්දට කිව්වා හොරු කියලා.ගාල්ලේ තියනවා ලර්නර්ස් එකක්, එලවන්න පුරුදු වෙන කොනට අනිත් පැත්තෙන් ඔහුට උගන්වන කෙනා වාඩි වෙනවා. එතැනදි දෙන්නම L බෝඩ් වෙලා බැහැ. නමුත් මේ ආණ්ඩුවට වෙලා තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. පදවන කෙනාත් L බෝඩ්, පුරුදු කරන කෙනාත් L බෝඩ්. එලවන කෙනාටත් ලයිසන් නෑ, පුරුදු කරන කෙනාටත් ලයිසන් නෑ. එහෙම රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. එහෙම උනොත් රට වැටෙනවා. නමුත් දැන් ඉතින් කරන්න නැහැ.දැන් මේ අපරාදේ රටේ මහජනතාවට භුක්ති විඳින්න වෙනවා සිංහල අවුරුද්ද ලං වෙනකොට. මේ වෙනකොටත් රටේ හැමතැනම කැකුළු හාල් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ප්‍රශ්නේ කොයි තරම් දුර දිග ගිහින්ද කියනවනම් හාල් තිබුණත් කඩවල විකුනන්න ඒවා ගෙන්නේ නෑ. ඇයි? මේවා අල්ලලා ඒ මිනිස්සුන්ට දඩ ගහනවා. මේවා විකුණනවනම් ඉතින් කොහොමත් රුපියල් 275කට විතර තමයි විකුණන්න වෙන්නේ. කොහොම උනත් මට නම් පේන විදිහට සිංහල අවුරුද්ද වෙනකොට කැකුළු හාල් කිලෝව රුපියල් 400ට විතර යයි. බලන්නකෝ ඉතින් අපේ රටේ මහජනතාව කරගත්ත වැඩේ.ආණ්ඩුවට මේ ප්‍රශ්නවලට උත්තර නැති උනාම අපිව අල්ලන් කියනවා අපි මේ අවුරුදු 77 ක් රට පාලනය කරපු සාපයලු. මටනම් ඇත්තටම තේරෙන්නේ නෑ රට ඔවුන් ගෙනියන්නේ කොතනටද කියලා. මහජනතාව දැන්වත් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ඊට පස්සේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිධුරයට පත් වුණාම විසිපස් වතාවක් රට ගියාලු. ඉතින් එතුමා රට බාර අරගෙන ගෙදරට වෙලා හිටියේ නැහැ. එතුමා රට බාර අරගෙන මේ රට ගොඩගන්න රෑ 12 වෙනකන් වැඩ කලා. ජාත්‍යන්තරට ගිහින් මේ ප්‍රශ්නවලට විසදුම් හෙව්වා. ඒ කරපු කැපවීම් සහ උත්සාහයන්ගේ ප්‍රතිඵල නිසා තමයි පෝලිම්වල හිටය මහජනතාව ගෙවල්වලට ගියේ, ඒ නිසා තමයි බංකොලොත් වෙලා නැත්තටම නැතිවෙලා තිබුණු රටක් අද මේ තත්ත්වයට අරගෙන ආවේ. හැබැයි එතුමා මේ දේවල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ නෑ. එතුමා කිව්වද ටීවී එක ඉස්සරහට ඇවිත් මම රෑ 12 වෙනකන් වැඩකරනවා කියලා.ඊළඟට රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය දේපල භාවිතා කරපු හැටි ගැන කියනවා. ඔයාලා දන්නවද රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිධූරය දරන අවස්ථාවේදීවත් කිසි දවසක අරලියගහ මන්දිරයේ නිදාගෙන නෑ. එතුමා රාජකාරී අවසන් කරලා තමන්ගේ ගෙදරට එනවා. එතුමාගේ ගේ ගිනි තියපු අවස්ථාවේදීවත් එතුමා අරලියගහ මන්දිරය භාවිතා කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි එතුමා ජනාධිපතිධුරය දරපු අවුරුදු දෙ හමාරක කාලය තුළත් කිසි දවසක ජනාධිපති මන්දිරයේ නිදාගත්තේ නෑ. හැබැයි එතුමා මෙම්වා තැන් තැන්වල කියවා කියවා ගියේ නෑ.දැන් සමහර අය අහනවා තාමත් ඇයි රනිල් ළඟ හිටගෙන ඉන්නේ කියලා. හිට ගත්තේ දැන් මම ඉහතින් කිව්ව හේතු නිසා. අද විතරක් නෙමෙයි හෙටත් හිටගෙන ඉන්නේ එතුමත් එක්ක. අදටත් මේ රට ආරක්ෂා කරන්න පුලුවන් එකම ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි. ඒක අපි හොඳටම දන්නවා.දැන් වර්තමාන ආණ්ඩුව කියනවා එයාලා රට බාරගත්තම සංචාරක කර්මාන්තය අතින් ලංකාව 10 වෙනි තැනට ආවා කියලා. නමුත් 2018 දී අපි තමයි ලෝකයේ පළවෙනි තැන. මේක දරාගන්න බැරි වුණු තැන ලංකාවේ පත්තු වෙනවා පාස්කු ප්‍රහාරය. සංචාරකයෝ එන එක වළක්වන්න. රනිල් රට පාලනය කරන එක වළක්වන්න. ඉතින් ඒකට අපේ රටේ මහජනතාවත් පොරකාගෙන ගිහින් සහයෝගය ලබාදෙනවා. අපිනම් කීයටවත් ඒ දේවල්වලට සහයෝගය දුන්නේ. අපි නම් මහජනයා පිළිගත්තත් නැතත්, අපි කරන්නේ හරිදේම තමයි.දැන් ඉතින් මේවගේ ප්‍රතිඵල තමයි අද ජනතාව භුක්ති විඳින්නේ. අවුරුදු 77 කට පොල් ගෙඩිය සීයයි, දැන් රුපියල් 240 යි. රනිල් මහත්තයා රට බාරදෙනකොට හාල් කිලෝ එක රුපියල් 160 – 180 යි. දැන් 280යි, හැබැයි ඒ ගානට ගන්නවත් හාල් නැහැ. මේක අපි කරන වැඩක් නෙමෙයි. මේ දේවල්වලට අපිව අල්ලගන්න එපා. අපිට පුලුවන් කියන්න විතරයි. නමුත් අපි කොච්චර කීවත් මහජනයා අහන්නෙම නෑනේ. පොඩ්ඩක් දුර යනකොට කකුලෙන් ඇදලා බිම දානවා. අපිය බිම දාලා අපිට බනිනවා. දැන් මේ පාරනම් අපිට බනින්න එපා.වැඩේ වරද්ද ගත්තම අපේ ලොක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිත් කොහොමහරි ගොඩ දාලා දෙයි. එතුමා ගැන අපි දන්නවනේ. නමුත් මේ වෙන දේවල්වලට අපිට දොස් කියන්න එපා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට නිවැරදි මාර්ගයේ අරගෙන යනකොට රටේ ජනතාව තමයි එළියට බැහැලා එතුමාව ගෙදර යැව්වේ.ඒ වගේම අද ගොඩක් දෙනෙක් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන කතා කරනවනේ. මම මේ අවස්ථාවේදී මේ ගැනත් වචනයක් ඔබට මතක් කරන්නම් ඔබේ දැනගැනීම වෙනුවෙන්. නමුත් මේක මගේ අදහසක් නෙමෙයි, මේක තමයි ව්‍යවස්ථාවේ තිබෙන යථාර්තය. මම හිතනවා රජය මේ සඳහා අවධානය ලබා දුන්නොත් හොඳයි කියලා. කරන්න බැරි දේවල් රජය විසින් කියන්නේ නැත්තම් හොඳයි.“36 (2) යම් තැනැත්තෙකු විසින් ජනාධිපතිධුරය බාරගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරන පරිදි වැටුප් සහ දීමනා ලැබීමටද ඉන් පසු එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප ලැබීමටද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක් මෙම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක් නැතහොත් ප්‍රතියෝජක කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනුකූලවන පසුව පනවන ලැබූ යම් නීතියක් හෝ ඒ නීතිය යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය. ඉතින් ඒ කියන්නේ කිසිම ජනාධිපතිකෙනෙක්ගේ හිමිකම් නැති කරන්න බැහැ.ඒ වගේම තව එකක් තියනවා, ජනාධිපතිධූරය දරන තැනැත්තා වැටුප් හෝ දීමනා විශ්‍රාම වැටුප් හිමකම් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැඩි කළ හැක්කේය. එහෙත් එම වැටුප් දීමනා විශ්‍රාම වැටුප් හෝ හිමිකම් අඩු නොකළ යුත්තේය. අපරදේ මේක හරියට කියවගත්තා නම් ආණ්ඩුවට වෙලාව නාස්ති කරන්න දෙයක් නැහැ කියලා මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල, හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, එජාප ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් ඇතුලු එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img