Thursday, October 29, 2026
HomeNEWSආණ්ඩුවට අද රාජ්‍ය සේවකයාත්, ගොවියාත් අමතක වී ඇති බව සජිත් හොරොව්පතානේ...

ආණ්ඩුවට අද රාජ්‍ය සේවකයාත්, ගොවියාත් අමතක වී ඇති බව සජිත් හොරොව්පතානේ දී කියයි.

*ගොවියාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට අද ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*මේ වන විට පොහොර සහනාධාරයවත් හරියට නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් වගා හානී වන්දිි පවා නොලැබ ඇති බවත් වීවලට සහතික මිල නොමැති බවත් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටියදී ගොවියා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් අය අද ගොවියා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පසුගිය කාලයේ සිදුවු ආපදා වගා හානි නිසා අක්කරයකින් ලැබෙන වී අස්වනු අඩු වී ඇති මෙහොතක ගොවියාට සාධාරණ සහතික මිල නොමැති බවත් රු.120ක සහතික මිල ප්‍රමාණවත් නොවන බවත් වී මිල දී ගන්න රු.මිලියන 5000කි වැනි අඩු මුදලක් වෙන් කර ඇති බවත් මෙසේ බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය ඇවිත් ඇති බවත් ගොවියා රැවටු එම රැවටීම තුලින් ගොවියා අනාථ කල මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමිනි.*▪️ *රාජ්‍ය සේවක අපේක්ෂා සුන් කරලා*ගොවියා පමණක් නොව රාජ්‍ය සේවකයාද රවටා ඇති බවත් මාස 6න් 6ට වැටුප් රු 20000 ගානේ වැඩි කරනවා කිව්වත් තවමත් වැඩිව නැති බවත් තවමත් රාජය සේවකයන් අයවැය පඩි වැඩිවීම ගණන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *කැලෑ නීතිය රජ වෙලා*එසේම මිනිමරන සංස්කෘතිය රජ වී කැලැ නීතියක් රටේ ක්‍රියාත්මක බවත් අද වන විට අධිකරණනයේ පවා මිනිමරණ බවත් දැඩි ආරක්ෂිත කලාපයේ පවා ඝාතන සිදුව අනාරක්ෂිත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *පාර්ලිමේන්තුවේ ජනතා ප්‍රශ්නවලට ඉඩක් නෑ*ජනතාව පීඩාවට පත් කරන බදු ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට මයික්‍රෝෆෝන් විසංදි කර ආණ්ඩුවේ 159 එකතු වී අසීමිත බලය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *රාජ්‍ය සේවයටත් දේශපාලන පළිගැනීම් ඇවිත්*එසේම අපක්ෂපාතී රාජ්‍ය සේවයක නිරත අවංක නිලධාරීන් පවා මහා පරිමාණ පළිගැනීම ට ලක්ව ඇති බවත් ඔවුන්ට පක්ෂපාතී අය තනතුරුවලට ගෙනවිත් අපක්ෂපාතීව වැඩකරන රාජ්‍ය නිලධාරීන් මාරු කරනවා සේම රතු නිවේදන පවා නිකුත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧https://youtu.be/AHYGIgZqW_w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img