Thursday, July 16, 2026
HomeNEWSආණ්ඩුවට අද රාජ්‍ය සේවකයාත්, ගොවියාත් අමතක වී ඇති බව සජිත් හොරොව්පතානේ...

ආණ්ඩුවට අද රාජ්‍ය සේවකයාත්, ගොවියාත් අමතක වී ඇති බව සජිත් හොරොව්පතානේ දී කියයි.

*ගොවියාගේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවට අද ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*මේ වන විට පොහොර සහනාධාරයවත් හරියට නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ යෙදවුම් නොලැබෙන බවත් ලැබෙන තෙල් පොහොර පවා ප්‍රමිතියෙන් බාල බවත් වගා හානී වන්දිි පවා නොලැබ ඇති බවත් වීවලට සහතික මිල නොමැති බවත් අභියෝග රැසකට ගොවියන් මුහුණ දී සිටියදී ගොවියා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් අය අද ගොවියා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.පසුගිය කාලයේ සිදුවු ආපදා වගා හානි නිසා අක්කරයකින් ලැබෙන වී අස්වනු අඩු වී ඇති මෙහොතක ගොවියාට සාධාරණ සහතික මිල නොමැති බවත් රු.120ක සහතික මිල ප්‍රමාණවත් නොවන බවත් වී මිල දී ගන්න රු.මිලියන 5000කි වැනි අඩු මුදලක් වෙන් කර ඇති බවත් මෙසේ බොරු කියු වත්මන් රජයට පිළිතුරු දෙන්න කාලය ඇවිත් ඇති බවත් ගොවියා රැවටු එම රැවටීම තුලින් ගොවියා අනාථ කල මේ රජයට ඉදිරි මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හොරොව්පතානේ පැවැති ජන හමුවක් අමතමිනි.*▪️ *රාජ්‍ය සේවක අපේක්ෂා සුන් කරලා*ගොවියා පමණක් නොව රාජ්‍ය සේවකයාද රවටා ඇති බවත් මාස 6න් 6ට වැටුප් රු 20000 ගානේ වැඩි කරනවා කිව්වත් තවමත් වැඩිව නැති බවත් තවමත් රාජය සේවකයන් අයවැය පඩි වැඩිවීම ගණන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *කැලෑ නීතිය රජ වෙලා*එසේම මිනිමරන සංස්කෘතිය රජ වී කැලැ නීතියක් රටේ ක්‍රියාත්මක බවත් අද වන විට අධිකරණනයේ පවා මිනිමරණ බවත් දැඩි ආරක්ෂිත කලාපයේ පවා ඝාතන සිදුව අනාරක්ෂිත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *පාර්ලිමේන්තුවේ ජනතා ප්‍රශ්නවලට ඉඩක් නෑ*ජනතාව පීඩාවට පත් කරන බදු ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට මයික්‍රෝෆෝන් විසංදි කර ආණ්ඩුවේ 159 එකතු වී අසීමිත බලය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.▪️ *රාජ්‍ය සේවයටත් දේශපාලන පළිගැනීම් ඇවිත්*එසේම අපක්ෂපාතී රාජ්‍ය සේවයක නිරත අවංක නිලධාරීන් පවා මහා පරිමාණ පළිගැනීම ට ලක්ව ඇති බවත් ඔවුන්ට පක්ෂපාතී අය තනතුරුවලට ගෙනවිත් අපක්ෂපාතීව වැඩකරන රාජ්‍ය නිලධාරීන් මාරු කරනවා සේම රතු නිවේදන පවා නිකුත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.NEWS CLIP 🧧https://youtu.be/AHYGIgZqW_w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img