Wednesday, July 15, 2026
HomeNEWSවිශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 සිට 27 දක්වා.

විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 සිට 27 දක්වා.

විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 සිට 27 දක්වා රට තුළ ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමුජනපතිජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මේ මංගල්‍යය අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.ඒ අනුව අප්‍රේල් 18 වැනිදා සවස 3.00සිට සවස 5.30 දක්වාත් 19 වැනිදා සිට 27 වැනිදා දක්වා දහවල් 12.00 සිට සවස 5.30 දක්වාත් දළදා දැක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහානායක හිමිවරුන්ට ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා කියා සිටියේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳ පුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බවයි. එමෙන්ම රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපිත කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන පරිදි මෙම කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අලුත් අවුරුද්දේ දිගුවක් ලෙස පැවැත්වෙන මෙම දළදා දැක්මේ මංගල්‍යය රට අලුත් දිශාවකට යොමු කරනු ඇති බවට විශ්වාසය පළ කළේය.දින දහයක් මුළුල්ලේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා ලක්ෂ සංඛ්‍යත ජනතාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා පළ කළ ජනාධිපතිවරයා ඔවුන්ට කිසිදු බාධාවකින් හා අවහිරයකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකර දීම සියලුදෙනාගේ වගකීම බවත් රජයක් ලෙස ඒ සඳහා උපරිම දායකත්වය සහ මැදිහත්වීම ලබාදෙන බවත් කියා සිටියේය.විශේෂ දළදා ප්‍රදර්ශනයේදී ප්‍රධාන වශයෙන් පෝලිම් තුනකින් පැමිණෙන මහජනතාවට දළදා වහන්සේ වන්දනා කර ගැනීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා විය. දළදා වහන්සේගේ හා මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගෙන් ලැබෙන උපදෙස් අනුව කටයුතු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.දළදා වහන්සේ ප්‍රදර්ශනය සිදු කෙරෙන කාලවකවානුව තුළ මහනුවර ප්‍රදේශයේ පාසල් නිවාඩු ලබාදීමටත් ඒ සඳහා දරුවන්ගේ අධ්‍යාපනයට වෙනත් දිනයන්හි පාසල් පැවැත්වීමටත් යෝජනා විය.දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ගේ සනීපාරක්ෂක පහසුකම් සහ කසළ කළමනාකරණය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු කළ අතර එම කාලය තුළ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කෙරිණි.එමෙන්ම ජනතාවගේ සෞඛ්‍ය, පානීය ජල අවශ්‍යතා සහ සෙසු පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට ආහාර ලබාදීම වෙනුවෙන් දන්සල් පැවැත්වීමට කැමැති පිංවතුන්ට ලියාපදිංචිවීම සඳහා අවස්ථාව ලබාදීමටද සාකච්ඡා විය.ජනතාව තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවන අයුරින් සැරසිලි කටයුතු සිදු කිරීම සහ විශේෂ දළදා දැක්මේ මංගල්‍යය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන්ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන්ද, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු සහ රේඛීය ආයතන ප්‍රධානීහුද ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img