Sunday, September 20, 2026
HomeNEWSරජය විවේචනය කළහොත් කෙලින්ම සිරගත වීමට සිදුවන බව සජිත් කුණ්ඩසාලේ දී කියයි.

රජය විවේචනය කළහොත් කෙලින්ම සිරගත වීමට සිදුවන බව සජිත් කුණ්ඩසාලේ දී කියයි.

*රටේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට ගිහින්. රජය විවේචනය කළොත් ජනතා ගැටලු ඉදිරිපත් කළොත් කෙළින්ම හිරේ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා* මෙරට ලක්ෂ 220 ජනතාවට නම් අවිධිමත් අදක්ෂ අකාර්යක්ෂම නොහැකියාවෙන් පෙළෙන රාජ්‍ය පාලනයක් රටේ ඇති බවට පෙනෙන්නට ඇති බවත් ජනාධිපතිවරයා සහ ඇමතිවරු ප්‍රමුඛ රජයේ මන්ත්‍රීවරුන්ට අනුව වැඩියෙන් කෑ ගහන තරමට හිරගෙදර යන ලැයිස්තුව නිර්මාණය කරන බවට පවසන බවත් කෑ ගහපු තරමට හිරේ යන්න සිදුවෙන බව පවසන බවත් පාර්ලිමේන්තු රැස්වීමත් හිරේ තියන්න යෝජනා කරන බවත් මේ අනුව පෙනී යන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ඉඩක් නොමැති බවත් විවිධ මත, තර්ක ඉදිරිපත් කරන්න ජනතාවට මෙන්ම මන්ත්‍රීවරුන්ට නිදහසක් නොමැති බවත් මේ රජයට අප රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියා අමතක වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් කුණ්ඩසාල ආසනයේ පැවැති ජනහමුවකදීය*විවේචන, වැරදි නිවැරදි කිරීම්, කරුණු පෙන්වා දීම හිර ගෙදරට බන්ධනාගාරයට යාමට හේතුවක් වී ඇති බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු ⁣මේ කතා කියා තර්ජනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.*අද කතා කිරීමේ නිදහසටත් වැට බැඳලා*මේ භයංකාර කතා තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම ඉස්මතු වන බවත් භාෂණයේ නිදහස මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් රජයේ මන්ත්‍රීවරුන්ට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දුන් 15% පොලිය වෙනුවෙන් කතා කිරීම, රැකියා විරහිත උපාධිධාරීන් වෙනුවෙන් කතා කිරීම, ගුරු විදුහල්පති වැටුප් ගැන, සුර්ය බල ශක්තිය ගැන කතා කිරීමත් ඩීසල් මාෆියාව විවේචනය කිරීහ විරුද්ධ වීම ද මහජන ආරක්ෂාව ගැන කතා කිරීම, මිනිමරු සංස්කෘතිය ගැන කතා කිරීම බන්ධනාගාර ගත වෙන්න හේතුවක් වී ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවත් මේ ආකාරයට කටවල් වැසිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*2/3 වරමක් දුන්නේ කටවල් වහන්න නෙවෙයි*ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සහ මහමැතිවරණයේ 2/3 වරමක් ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න මිස ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න නොවන බවත් ඉදිරියටත් විපක්ෂය ජනතා ගැටලු ගැන කතා කරන බවත් දුප්පත්කම තුරන් කරන රජයේ මන්දගාමිත්වය විවේචනයට ලක්කරන බවත් අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කියා හිටපු ජනාධිපතිවරයාගේ ගිවිසුම අනුමගමනය කර හිටපු ජනාධිපතිවරයාගේ වැල් පාලමේම යාම විවේචනයට ලක් කරන බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය පොදු ජනතාවගේ කතා කිරිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.*රටට විහිළු සපයන් නැතිව වැඩ කරන්න*හිරේ දාන කතා කියා රටට විහිළු සපයන්න එපා කියා කියන බවත් ජනතාව ජන වරම දුන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බවත් එම නිසා විහිළු සපයන් නැතිව වැඩ කරණ ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.*ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට විරුද්ධව සමගි ජන බලවේගය පෙරට එනවා*ලෝකයේ දුප්පත්කම තුරන් කරන්න ආර්ථිකය සවිබල ගන්වන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය සංකල්පය වැදගත් වී ඇති බවත් බංගලිදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය හරහා මෙය ගෙන ආ බවත් අප රටේත් ජනසවිය සමෘද්ධිය හරහා මෙය ක්‍රියාත්මක වුවත් අද වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් විවිධ කුඨ ව්‍යාපාර ලෙස නිර්මාණය වී කාන්තාව ගෘහණිය සම්බන්ධ කර ගෙන ණය ලබා දී ණය මර උගුලකට ලක් කර ඇති බවත් රටේ බොහෝ ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක බවත් මෙසේ ණය බර වහලුන් නිර්මාණය කරණ කූඨ ව්‍යාපාර නියාමනය වියයුතු බවත් මේ ණය මර උගුලට විරුද්ධව සටන් කරන්න නියාමනය කරන්න සමග ජන බලවේගය සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.NEWS CLIP 🧧 https://youtu.be/Qoaxilx-45s?si=SrHqO4LEYJuKrzRo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img