Sunday, September 20, 2026
HomeNEWSක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ.

ක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ.

“ක්ලීන් ශ්‍රී ලංකා” නාගරික වනාන්තර ව්‍යාපෘතිය කැලණි පාලම අසලින් ඇරඹේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (30) පෙරවරුවේ පෑලියගොඩ, කැලණි පාලම අසලදී ආරම්භ විය.සීමාසහිත කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයට අයත් එස්-ලෝන් ලංකා පුද්ගලික සමාගම විසින් ක්‍රියාත්මක කරන “තුරු කැපකරු” ව්‍යාපෘතිය සමඟ ඒකාබද්ධ වෙමින් අදට (30) යෙදී ඇති ශුන්‍ය අපද්‍රව්‍ය දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ සිටියි. ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.මෙහි විශේෂත්වය වන්නේ මෙම පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.මෙතෙක් පැවතී සියලු රජයන් විවිධ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කළද එය කෙතරම් දුරට සාර්ථක වුවාද යන්න ගැටලු සහගත බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් බැවින් මෙම වන වගා ව්‍යාපෘතියද ඉදිරියේදී තිරසර ව්‍යාපෘතියක් බවට පත්වනු ඇති බව සඳහන් කළේය.මෙම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ හරිත නගර සංකල්පය සමඟ අද නාගරික වනාන්තර පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති බවයි. එම අරමුණු යථාවත් කර ගැනීමේදී ජනතාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනතාවට වගකීම් පවරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බව පැවසීය.එසේම අද තිරසර පරිසර පද්ධතියක් වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක මහතාද මීට එක්ව සිටි අතර නාගරීකරණය සමඟ එක් පසෙකින් ජිවිතය පහසු වන විට, අනෙක් පසින් බොහෝ දේ අහිමි වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.පරිසර දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම වැනි නාගරීකරණය සමඟ ඇතිවී ඇති අහිතකර ප්‍රතිවිපාකයන්ට අද අපේ රටටද මුහුණ දීමට සිදුව තිබෙන අතර ඊට විසදුම් සෙවීමේදී මෙවන් නාගරික වනාන්තර ව්‍යාපෘති ඉතා වැදගත් බව ඔහු කියා සිටියේය.ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ මෙහෙයුම් කලමනාකරු එස්.සී. වීරසේකර සහ ජනාධිති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද උත්සව සභාව ඇමතුහ. ප්‍රදේශයේ මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, එස්-ලෝන් ලංකා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින් ජයවර්ධන, PE-plus පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙහාන් අමරසිංහ යන මහත්වරු සහ කොළඹ නාගරික කොමසාරිස්, පෑලියගොඩ නාගරික කොමසාරිස් ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ද, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහ යුද හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img