Monday, May 4, 2026
HomeNEWSරට පුරා රෝහල්වල වර්ජනයක්.

රට පුරා රෝහල්වල වර්ජනයක්.

අද සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට . පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.ඒ පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට බලධාරීන් දිගින් දිගටම පියවර නොගැනීමට විරෝධය පළ කරමිනි.බලමණ්ඩලයේ ලේකම් චානක ධර්ම වික්‍රම මහතා පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් වලට අදාළ ගැටලුල සති අන්ත නිවාඩු දින දීමනා වලට අදාළ ගැටලු හා සෙසු කරුණු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ඇමැතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබූ කාලය මෙන්ම එකඟතාවන් ද ක්‍රියාත්මක නොකිරීම මෙම තීරණයට හේතුව බවය.‘අපි අද උදෑසන 8.00 සිට අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වනවා. මෙය නතර කිරීමේ සංඥාව නිකුත් කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. අපේ සාධාරණ ඉල්ලීම් නොදීමට තවදුරටත් ඒ අයට හැකියාවක් නැහැ. පරිපූරක වෛද්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා මැදිහත් වනු ඇතැයි විශ්වාසයක් තිබුණත් ඔහු දිගින් දිගටම එය පැහැර හැරියා. දැන් අපට වෘත්තීය ක්‍රියාමාර්ග හැර වෙන කිසිවක් නැහැ’වර්ජන කාල සීමාවේදී මාතෘ හෘද ළමා ඒකක සහ ජාතික ලේ බැංකුවේ සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ද ඔහු පැවසුවේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img