Friday, September 4, 2026
HomeNEWSජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්.

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්.

ජනපති හා ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය අතර හමුවක්ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වීය. ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර දෙරටෙහි ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළේය. එම දායකත්වය හා උනන්දුව අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සලසන තත්ත්වයක් කරා වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img