Saturday, October 24, 2026
HomeNEWSශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ උපරිම සහය ලබාදෙන බවට මහ කොමසාරිස්ගෙන් ඇමති විජිතට සහතිකයක්.

ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ උපරිම සහය ලබාදෙන බවට මහ කොමසාරිස්ගෙන් ඇමති විජිතට සහතිකයක්.

සිංගප්පුරු මහකොමසාරිස් විදේශ ඇමති හමුවෙයි.සිංගප්පුරු මහකොමසාරිස් එස් චන්ද්‍රදාස් මහතා විශ්‍රාම යටම පෙර විදේශ ඇමති විජිත හේරත් මහතා මුණ ගැසීමට අද (16) අමාත්‍යංශ්‍යයට පැමිණියේ ය. දාස් මහතා සිංගප්පූරුවේ නේවාසිකව සිටිමින් වසර 10ක කාලයක් ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් ලෙස සේවය කර ඇත.විශාල ජනවරමක් සහිතව බලයට පැමිණි ජාතික ජනබලවේගය රජයට සිංගප්පූරු රජයේ සම්පූර්ණ ආශිර්වාදය හිමිව ඇති බව දාස් මහතා අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර සිටියේ ය. තමන්ගේ නිල කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර දියුණුවට සහ ආයෝජනවලට සහයෝගය දුන් බවත් සිංගප්පූරු රජය ශ්‍රී ලංකාවේ දියුණුව හා ප්‍රගතිය පිළිබඳව සෑම විටම උනන්දුවෙන් සිටින බවත් පවසා සිටියේ ය. සිංගප්පූරු ආයෝජකයින් සූර්ය බලශක්ති අංශය සහ වරායන් සංවර්ධන කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බවත් ඉදිරි කාලයේ දී ඒ අංශයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවත් හෙතෙම දන්වා සිටියේ ය.සිංගප්පූරුව, ශ්‍රී ලංකාවට රැකියා අවස්ථා ලබා දීමට කැමැත්තෙන් සිටින බවත් දැනටමත් 500කට අධික හෙදියන් සඳහා එරට තුළ රැකියා ලබා දී ඇති බවත් සිංගප්පූරු මහකොමසාරිස්වරයා දැනුම් දුන්නේ ය. ශ්‍රි ලංකාවෙන් ආහාර වර්ග හා පළතුරු ආනයනය කිරීමට සිංගප්පූරුව කැමැත්තක් දක්වන බව ද පෙන්වා දුන් ඒ මහතා තමා විශ්‍රාම ලැබුවත් තම සිත ශ්‍රී ලංකාව සමග තවදුරටත් පවතින බව ද පවසා සිටියේ ය.ශ්‍රී ලංකාව සෑම විටම සිංගප්පූරුව තමන්ගේ දියුණුවට අත දෙන මිතුරෙකු ලෙස සලකන බවත් එම ඓතිහාසික මිතුරුදම ඉදිරි කාලයේදීත් එසේ ම පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි අමාත්‍ය විජිත හේරත් මහතා සිංගප්පූරු මහකොමසාරිස් වෙත දැනුම් දුන්නේ.වර්තමානයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දූෂණයෙන් තොර රටක් නිර්මාණය කර ඇති හෙයින් තව තවත් ආයෝජකයින් ශ්‍රී ලංකාවට යොමු කිරීමට කටයුතු කරන ලෙස ද මහකොමසාරිස්වරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය. එමෙන් ම විවිධ අංශවලට සිංගප්පූරුවේ රැකියා අවස්ථා වැඩිකර දීමටත් ඒ සඳහා රජයන් දෙක අතර අවශ්‍ය නම් ගිවිසුම් ඇති කරගැනීමටත් රජය සූදානම් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.එස් චන්ද්‍රදාස් මහතා වසර 10ක කාලයක් මහකොමසාරිස් ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අගය කළ අමාත්‍ය විජිත හේරත් මහතා ඔහුට නිරෝගී විශ්‍රාම සුවයක් ප්‍රාර්ථනා කළේ ය.සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img