Saturday, October 24, 2026
HomeNEWSආණ්ඩුව බලපෑම් කර ලබාගත් බලයට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ...

ආණ්ඩුව බලපෑම් කර ලබාගත් බලයට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් කියයි.

*ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා*පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති හා උපසභාපති තෝරන මාර්ගෝපදේශ පිළිබද පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 2025 නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් රටේ ප්‍රදේශවල මේ කාර්යය නියමිත ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවත් මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සදහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සදහන් බවත් එහි දී එක් එක් සභිකයාගේ නම අඩගසා විමසන ආකාරය ගැන සදහන්ව ඇති බවත් එසේ තිබියදී සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ ක්‍රියාත්මක කිරීම තුළ සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වන බවත් කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට ස්ථාන ගණනාවකදී මේ මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.https://youtu.be/PY3tXvW5fw8?si=MY6A6HyXHR-lvYFe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img