ඊශ්රායලයේ සහ ඉරානයේ ජීවත්වන සියලුම ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවද ඊට අවශ්ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත් විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. ඔහු පැවසුවේ මේ වන විට ඉරානයේ ටෙහෙරාන් නුවර ඇති ශ්රී ලංකා තානාපති කාර්යාලය ආරක්ෂක ස්ථානයකට ගෙන ගොස් ඇති බවයි. තානාපති කාර්යාලයේ නිලධාරීන්ද ඉරානයේ සිටින තවත් ශ්රී ලාංකික සිසුන් පිරිසක්ද ඒ සමග ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය. ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින් තිදෙනකු තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ ප්රතිකාර කටයුතු සිදු කිරීම සඳහා දැඩි අවධානයක් යොමු කරමින් තානාපති කාර්යාල කටයුතු කර ඇති බවත් අනෙකුත් සියලුම ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධව ගත හැකි ඉහළම ක්රියාමාර්ග ගන්නා ලෙසට අදාළ තානාපති කාර්යාල වලට දැනුම් දී ඇති බවත් විජිත හේරත් අමාත්යවරයා ප්රකාශ කළේය. මීට අමතරව මැදපෙරදිග අවට රටවල තිබෙන ශ්රී ලංකා තානාපති කාර්යාල වලට එහි සිටින ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් සහ ඉරානයේ සහ ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ද දැනුම් දී ඇති බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය. ඊට අමතරව ඉරානයේ සිට තුර්කියට යන පිරිස් වෙතද ආරක්ෂාව සපයන ලෙසට ඵරට තානාපති කාර්යාලට දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගත හැකි සියලුම ක්රියාමාර්ග ගෙන ඇති බවත් සහ ඊට අවශ්ය උපදෙස් ලබා දී ඇති බවත් නිතරම ශ්රී ලාංකිකයින් සම්බන්ධීකරණය කරගැනීම සඳහා අදාළ දුරකථන අංක ද එම අදාළ රටවල්වලට ලබා දී ඇති බවත් අමාත්ය විජිත හෙරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.






















