විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්රී රැස්වීමක් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම කතානායකතුමාගේ ක්රියා කලාපය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් සහ විපක්ෂයේ මන්ත්රීවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව විපක්ෂයේ මන්ත්රීවරයෙකු ලංකා එස් නිවුස් වෙත ප්රකාශ කළේය. කතානායකතුමා විපක්ෂයේ මන්ත්රීවරුන්ට කතා කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් ජාත්යන්තර ආයතන වලට පැමිණීලි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන බව එම මන්ත්රීවරයා වැඩි දුරටත් ප්රකාශ කළේය.






















