මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව භිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් අද උදෑසන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ .නව රාජයේ බලයට පත්වීමෙන් පසු සංහිඳියා ප්‍රයත්නයන් සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතියද අමාත්‍යවරයා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා දැනුවත් කළ බව විජිත හෙරත් අමාත්‍යවරයා තබන ලද x ගිණුමේ සටහන් වන අතර එය පහත දැක්වේ.අද, 2025 ජුනි 24 වන දින, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් volker_turkමහතා හමුවුණා. මානව හිමිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු අපි සාකච්ඡා කළ අතර, එහිදී අඛණ්ඩ ඵලදායී මැදිහත්වීමක් සඳහා රජයේ කැපවීම මම නැවත අවධාරණය කළෙමි. නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියා ප්‍රයත්නයන් සහ මානව හිමිකම් පිළිබඳ ප්‍රගතිය පිළිබඳව ද මම ඔහුට විස්තර කළෙමි.
























