Monday, September 21, 2026
HomeNEWSබාලදක්‍ෂ මාවත ගුවන් පාලම ජනතා අයිතියට

බාලදක්‍ෂ මාවත ගුවන් පාලම ජනතා අයිතියට

“බාලදක්‍ෂ මාවත” ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරේ ————————————————” හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා….”- අමාත්‍ය බිමල් රත්නායක -” හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටට ම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා. අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයනවා.’ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම අදහස් පළකලේ ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර අද (2026.01.19) දින ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.කොළඹ නගරය ආශ්‍රිතව පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා සැලසුම් කරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ තුන්වන ගුවන් පාලම ලෙස ‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ඉදි කෙරිණි. ගාලු මුවදොර සිට කොම්පඤ්ඤවීදිය චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දෙසට පමණක් ගමන් කිරීමට හැකි පරිදි ඉදිකර ඇති මෙහි දිග මීටර් 340 කි. පළල මීටර් 11 කි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් දියත්කර ඇති තිරසර මාර්ග සංවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මෙම ගුවන් පාලම ඉදිකරන ලදී.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,” කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්. එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා. මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිමකරන්න සැලසුම් කර තිබූ එකක්. නමුත් ආර්ථික අර්බුධය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා. පොලිස්පතිතුමා සමග අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකිවුණා.රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා. මේ ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කිරීම ජනතාවට විශාල පහසුවක් වගේම ප්‍රයෝජනයක්. මෙහි ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට සහයෝගය ලබාදුන් පොලිස් දෙපාර්තමේන්තුවටත් මාර්ග සංවර්ධන අධිකාරියටත් ස්තුතිය පළ කරනවා.’මෙම අවස්ථාවට කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් (රා. ඉ.) එච්. එච්. එන්. ඒ. හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීහු සහ පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.- මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...

ප්‍රදේශ කිහිපයකටම නාය යෑමේ අනතුරු ඇඟවීම්

මහනුවර - පස්බාගේ කෝරලය, කෑගල්ල - දෙහිඕවිට, අරනායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට, නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රා.ලේ. කොට්ඨාසවලට තුන්වන...

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img