ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ හිටපු නගරධිපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ දේහයට එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද(19) දින අවසන් ගෞරව දක්වනු ලැබුවා. දේහය තැන්පත් කර තිබූ පානදුර නගර සභාවට පැමිණයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මෙසේ අවසන් ගෞරව දක්වනු ලැබුවේ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා,






















