Sunday, November 22, 2026
HomeNEWSඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට යෙදූ එජාප ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට යෙදූ එජාප ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

එජාප ප්‍රබලයෙක් ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හොරට හදලා.රහසිකගතව ලැඟුම් හලක සැඟව සිටිය දී අත්අඩංගුවට…විදේශ කටයුතු‚ විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ වංචනික අයුරින් භාවිත කරමින් විදේශ රැකියා ජාවාරම් සිදු කළ එජාප හිටපු මන්ත්‍රීවරයෙකු කොටු කර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් සමත් වී තිබේ. එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද විවිධ ලිපි ශීර්ෂ, විදේශ ගමන් බලපත්‍රවල ඡායා පිටපත් හා විදේශ රැකියා ඉල්ලුම්පත්‍ර රැසක් ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගලයින් 11 දෙනෙකුගෙන් කැනඩා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවත් ඔහු වංචා කළ මුදල ලක්ෂ 30කට අධික බවත් අනාවරණය විය. සැකකරු සිය ජාවාරම් සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ලිපි ශීර්ෂ භාවිත කරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් මෙම ජාවාරම මෙහෙයවූ සැකකරු ජනවාරි මස 26 දින අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු රාජගිරිය‚ ඔබේසේකරපුර ලැගුම්හලක රහසිගතව ස්ථානයක රැදී සිටිමින් ජාවාරම මෙහෙය වන අවස්ථාවේ දී ය. සැකකරු මහනුවර, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි, යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ද වේ. මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කාර්ය මණ්ඩලයේ ද සේවය කර ඇති සැකකරු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල ක්‍රියාකාරියෙකු ද වෙයි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ දින (2026.01.27) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම කළ ද, ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. මෙම සැකකරු වසර කිහිපයක් තිස්සේ ව්‍යාජ ලියකියවිලි සකස් කර මෙවැනි ජාවාරම් සිදු කර ඇති අයෙකු බවත් ඔහුට එරෙහිව මහනුවර උසාවියේ නඩු කිහිපයක් ම පැවැති බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය විය. මෙම සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම විශේෂ අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාගේ විශේෂ අධීක්ෂණය යටතේ මෙහි ඉදිරි විමර්ශනයන් සිදුකරන අතර, ඉහත වැටලීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ ස්ථාන භාර නිළධාරී, කළමනාකරු ආර්.ජී.පී.පී.ආරියසිංහ, පොලිස් පරික්ෂක ටී.පී ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක යන නිළධාරීන් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා – විපක්ෂ නායක සජිත්

අයවැයෙන් සුරංගනා ලෝක පෙන්වා පොලී අනුපාත වැඩි කර පරමානු බෝම්බයක් දැම්මා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජීවන වියදම වැඩි වී ජීවන බර වැඩි...

සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL සමඟ ඇමති විජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව SLAITO සහ THASL නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මුහුණ දෙන වත්මන් ගැටලු සහ ඒවාට විසඳුම්...

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත. ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment)...

ඉරානය විසින් බහරේනයේ කාර්මික මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරානය විසින් කාර්මික මධ්‍යස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් ගිනි ගැනීමක් සහ දේපළ හානි සිදුවූ බව බහරේනය පවසයි; ගල්ෆ් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකකටද ඉරානයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img