Tuesday, September 22, 2026
HomeNEWSඉහළ ගිය රන් රිදී මිල ලෝක වෙළඳ පොළේ යළි පහළට

ඉහළ ගිය රන් රිදී මිල ලෝක වෙළඳ පොළේ යළි පහළට

ලෝක වෙළෙඳපළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,900 සීමාව දක්වා පහළ බැස තිබෙනවා.මේ අතර රිදී මිල ගණන්ද දැවැන්ත ලෙස පහළ බැස තිබෙනවා.අද උදෑසන වනවිට ලෝක වෙඳෙපොළේ රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 4,893 යි ශත 2 ක් ලෙසයි.පසුගිය දිනවල ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 5500 සීමාව ද ඉක්මවා යනු ලැබුවා.අද වනවිට රිදී අවුන්සයක මිල අ.ඩො. 85.34ක් වන අතර, එය පෙර දිනයට සාපේක්ෂව අ.ඩො. 29.16ක මිල පහළයෑමක් වන අතර ප්‍රතිශතයක් ලෙස 25.46%ක් බව සඳහන්.රන් මිල නැවත වරක් පහළ යාමත් සමග දේශීය වෙළෙඳපළේ ද රන් මිල පහළ බැස ඇති අතර අද උදෑසන වනවිට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 380,000 ක් ලෙසත් කැරට් 22 රන් පවුමක මිල රුපියල් 349,600 ක් ලෙසත් දැක්වුණා.මේ අනුව ගතවූ පැය 48 තුළ රන් සහ රිදී වෙළෙඳපොළෙන් ඩොලර් ට්‍රිලියන 15ක් පමණ ඈවර වී තිබෙන බවයි විදෙස් පුවත් තහවුරු කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img