Thursday, July 16, 2026
HomeNEWSමහින්ද රාජපක්ෂ සමයේ ජනපති අරමුදලින් ගලප්පත්ති හා නිපුණආරච්චි මුදල් ලබාගෙන තිබෙනවා...

මහින්ද රාජපක්ෂ සමයේ ජනපති අරමුදලින් ගලප්පත්ති හා නිපුණආරච්චි මුදල් ලබාගෙන තිබෙනවා -උවිඳු

ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ජනපති අරමුදලෙන් රෝහල් බිල් ගෙවා ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය පවසනවා.සිය මුහුණුපොතේ සටහනක් තබමින් ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියා.ඒ ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ලබාගත් වෛද්‍යාධාර පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආරම්භ කළ තොරතුරු දැනගැනීමේ (RTI) මේ වන විට කතාබහට ලක්වන පසුබිමකයි.මෙම අර්බුදය ආරම්භ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවේදී කළ ප්‍රකාශයක් සමඟයි.දයාසිරි ජයසේකරට රුපියල් ලක්ෂ දහයක රෝහල් බිලක් ජනාධිපති අරමුදලෙන් ගෙවා ඇති බවට ඔහු සඳහන් කර සිටියා.මීට ප්‍රතිචාර වශයෙන් දයාසිරි ජයසේකර, 2005 සිට 2010 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ලැබූ සියලුම දේශපාලනඥයන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් RTI ඉල්ලීමක් කරනු කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මුලින් මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි උවිඳු තැබූ සටහනේ සඳහන් වෙන්නේ.ඒ අනුව මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) හමුවේ ඇපෑලක් ගොනු කළ අතර තනි පුද්ගල ලිපිගොනු නැති වුවද, රජයේ සියලු ගෙවීම් සටහන් වන ‘මුදල් පොත’ (Cash Book) අතුරුදහන් විය නොහැකි නිසා එය තමන්ට පෙන්වන ලෙස ඉල්ලා සිටි බවත් එම සටහනේ සඳහන්.එහිදී මෙම කරුණු සලකා බැලූ කොමිසම, අදාළ මුදල් පොත පරීක්ෂා කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර තිබුණද එම පොත තවමත් මන්ත්‍රීවරයාට නොපෙන්වන්නේ නිපුණාරච්චිට සහ ගලප්පතිගෙ බිරිඳට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවා ඇත්තේ ජනාධිපති අරමුදලින් නිසා බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.එම සටහන පහතින්.”දායසිරි අදින කේස් එක නියෙමට යනව. දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දායා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර. ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා. එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්ව ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ උනාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල. කොමිසම කිව්ව මුදල් පොත දායාට පෙන්නන්න කියල. තාම කොර වෙනව. හේතුව මොකද දන්නවද? නිපුණාරච්චිටයි, ගලප්පතිගෙ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! ඇපීල් එක ආයෙ 12දට අහනවා! ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන – විපක්ෂ නායක සජිත්

ගොවි උපකරණවලට අධික බදු බර. සිගරට් සමාගම්වලට ආණ්ඩුවෙන් බදු සහන - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා...

ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ...

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img