හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ නඩු තීන්දුව ගම්පහ මහ අධිකරණයේදී මීට ස්වල්ප වෙලාවකට පෙර ලබා දුන්නා. එහිදී තීන්දු කළේ සැකකරුවන් තිස් හත්දෙනාගෙන් දොලොස් දෙනකුට මරණීය දණ්ඩනය නියම කිරීමටයි.සැකකරුවන් විසි තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කර ඇති අතර සැකකරුවන් හතර දෙනෙකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටුවා ලබාදීමට ගම්පහ මාධිකරණය තීන්දු කර තිබෙනවා.






















