බංග්ලාදේශයේ නව විදේශ අමාත්‍යවරයාට. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය සුභපතුම් එක් කර ඇත. සිය X ගිණුමේ සටහන් කරන ලද සුබ පැතුම පහත සඳහන් වේ.බංග්ලාදේශ විදේශ අමාත්‍ය ධුරයට පත් වූ ආචාර්ය කලීලූර් රහ්මාන් මහතාට මගේ හෘදයාංගම සුබ පැතුම්. මෙම උසස් ධුරයේ සෑම සාර්ථකත්වයක්ම මම ඔහුට ප්‍රාර්ථනා කරමි. සහයෝගීතාවයේ සියලු ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දිගුකාලීන හා විශිෂ්ට සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ගැඹුරු කිරීමට සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.






















