Wednesday, July 15, 2026
HomeNEWSට්‍රම්ප් ඉරානයට දින දෙයි

ට්‍රම්ප් ඉරානයට දින දෙයි

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවා තිබේ.වොෂින්ටනයේ පැවති ජනපති ට්‍රම්ගේ සාම මණ්ඩල පළමු රැස්වීමේදී ඔහු මේ බව පවසා ඇත.”එසේ නොවුවහොත් නරක දේවල් සිදුවනු ඇත” ඉරානයට ප්‍රහාරයක් එල්ලකරන බවට යළි යළිත් තර්ජනය කරමින් ට්‍රම්ප් පවසා තිබේ.ඒ අනුව ඔහු ඉරානයට දින 10ත් 15ත් අතර කාල සීමාවක් ලබාදී ඇත.එම කාලය තුළ ඉරානය සිය කොන්දේසි සම්පූර්ණ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට නරක ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇති බව ජනපති ට්‍රම්ප් පවසා තිබේ.කෙසේ නමුත් අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහෙත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාරයක් එල්ලකරන බවට ඉරානද තර්ජනය කර තිබුණි.අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා හොඳින් සිදුවන බව ට්‍රම්ප් මීට පෙරද පවසා සිටි අතර, ඉරානය පිළිගත් ගිවිසුමකට එළැඹිය යුතු යැයි දැනුම්දී ඇත.”ඉදිරි දින 10 තුළ ඔබට ඒ ගැන බොහෝ විට සොයා ගැනීමට හැකිවෙයි. මම හිතන්නේ ඒ සඳහා උපරිම දින 10ක 10ක කාලයක් ප්‍රමාණවත්” ඔහු පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය දැනුම්දී ඇත්තේ, තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන බවය.නමුත් සිට රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ඉරානයද ප්‍රතිචාර දක්වනු ඇති බවය. ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය වෙනුවෙන් එය එසේවන බවට දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මලිමා ආණ්ඩුවේ L බෝඩ් වැඩ නිසා ඩෙංගු වැඩි වෙලා-එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය සෙනසුරාදා (27) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ...

බොරතෙල් මිල යළිත් ඉහළට

ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ නව ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ. ඩො. 78 ක්...

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img