T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් එංගලන්ත කණ්ඩායමට කඩුලු 2ක සියුම් ජයක් අත්විය. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවි ලකුණු 164 ක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19යි එක් පන්දුවක් තුළදී කඩුලු අටක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.මේ සමග එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අවසාන පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ අතර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූ පළවෙනි කණ්ඩායම වශයෙන්ද එංගලන්තය තේරී පත්විය.






















