Sunday, November 1, 2026
HomeNEWSහිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​
​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම 2026 අගෝස්තු 12 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) විසින් පවත්වන ලදී.

​කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නය හත්නමකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි. එහිදී අනුශාසනාව සිදු කළ පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියෝ, දිවංගත අමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සේවය, ජාතික සමඟිය උදෙසා වූ කැපවීම සහ රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සිහිපත් කළහ. අනතුරුව පිරිත් සජ්ඣායනා කර, ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශීර්වාද කරන ලදී.

​මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, දිවංගත අමාත්‍යවරයාගේ බිරිඳ සහ LKIIRSS පාලක මණ්ඩලයේ ආයුකාලීන සාමාජිකා සුගන්ධි කදිරගාමර් සහ LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. පාලක මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතන කාර්ය මණ්ඩලය ද මෙයට එක්ව සිටියහ.

​

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.

ජෙන්සිලා සහ මිලේනියල්ලා දිනා ගැනීමට හිටපු ජනපති රනිල්ගෙන් වැඩක්

පිටකෝට්ටේ “සිරිකොත“ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කළ අදහස් අපි මුලින්ම මෙතැන කතා කරන්නේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img