එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට බැස උද්ඝෝෂණ කළ බවත් එදා වී ගොවියා වෙනුවෙන් වැඩිපුර පාරට බැස්සේ ජනතා විමුක්ති පෙරමුණ නිසා පසුගිය මැතිවරණවලදි තඹුත්තේගම ගොවි පුතෙක් බලයට පත් කර ගත්තත් අද ගොවි ජනතාව දුකෙන් සහ කලකිරීමෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා ගොවි ජනතාවගෙන් වාර්තාගත වී අස්වැන්නක් මිලදී ගනිද්දි එය ප්‍රමාණවත් නොවන බව පැවසුවත් අද එම ප්‍රමාණය ප්‍රමාණවත්ද කියා ප්‍රශ්න කරන බවත් දැන් බලයට පත්ව ඇත්තේ උද්ඝෝෂණ කරන ගොවියාට පහර දෙන උද්ඝෝෂණවලට විරුද්ධ හා තහනම් කරන ආණ්ඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගොවි ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් හම්බන්තොට කොග්ගල්ල ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.
අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ජවිපේ ගොවි නියෝජිතයන් කුඹුරට ගොස් ගොයම් කකා වීවලට රු 150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් දැන් වී කිලෝවක් නිෂ්පාදනයට රු 137ක් වැයවුවත් දැන් වී කිලෝවට දෙන්නේ රු. 120ක් බවත් ගොවියාට මේ නිසා කිලෝවකින් රු. 17ක් පාඩු බවත් පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක් දෙන්න ඡන්දය දුන් ගොවියාට අද සිය අස්වැන්නට ස්ථාවර මිලක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ස්ථාවර මිල නැති නිසා ගොවියා අසරණ වෙලා
කණකර දේපල උගස් කර ණයට මුදල් ගෙන ගිනි පොලියට මුදල් ගෙන අඩුපාඩු මැද ගොවිතැන් කරන ගොවියාගේ උපකරණවලට IMF කියු නිසා වැට් ගහන බවත් විපක්ෂයේ සිටින විට IMF එකට විරුද්ධ වු ජවිපේ දැන් IMF එකේ වහලකු වී ඇති බවත් තවමත් අලි මිනිස් ගැටුමට විසදුමක් නැති බවත් එදත් අදත් ගොවියා බැටකන බවත් ජනතාවාදී ආණ්ඩුවක් ගෙන ආවත් ගොවියාට නිශ්චිත ස්ථාවර මිලක් නැති බවත් මේ නිසා ගොවි ජනතාව පවා අසරණ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පොඩි මිනිසාගෙන් බලය ගෙන ධනපතියන් රකිනවා
රජය පොඩි මිනිසා කරපිට ආණ්ඩු බලය ගෙන දැන් ධනපතියන් කෝටිපතියන් වටකර ගෙන ඇති බවත් සමාජවාදී විප්ලවවාදී ජවිපේ දැන් ධනවාදීන් වටකර ගෙන ඇති බවත් අඩු තරමේ වීවලට රු. 150ක් දිය යුතු බවත් දැන් රු. 120වත් නොලැබෙන බවත් ආණ්ඩුව ගන්නේ 5-7% අතර අස්වැන්නක් බවත් ඒ තුළින් මිල පාලනය පමණක් රජය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වී සඳහා විධිමත් මිල සූත්‍රයක් නිර්මාණය කරන්න
රජයට සමස්ත වී තොග මිලදී ගන්න බැරි නිසා ඉතිරි අස්වැන්න ගන්න කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කළ යුතු බවත් දැන් මෙ මෝල් හිමියන් සිටින්නේ අසාදුලේඛනයේ නිසා දැන්වත් මොවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණය කර මොවුන්ට සහන පොලි ණය ලබා දී සවිබල ගැන්විය යුතු බවත් ඊට අමතරව ගොවියාට සාධාරණ මිලක් දෙන පාරිභෝගිකයා ද රැකගන්නා සාධාරණ මිල සුත්‍රයක් නිර්මාණය විය යුතු බවත් ගොවියා සේම පාරිභෝගිකයාද රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දීපු පොරොන්දු එකක්වත් ඉටු කරලා නැ
2024 ජනාධිපතිවරණයේ දී වත්මන් රජය දුන් පොරොන්දු ගැන බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ලක්ෂ 12ට විට්ස් කාර් එකක් දීම, 33%කින් විදුලි බිල අඩු කිරීම, වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දීම සිදු කරනවා කිව්වත් ඒ එකක්වත් ඉටු නොවු බවත් දැන් රජයට අනුව දින තිහක් එක් අයකුට ජිවත් වෙන්න රු. 17000ක් ප්‍රමාණවත් බවත් ආණ්ඩුව මේ කියන දෙ ඇත්තද කියා ජනතාවගෙන් අහන බවත් රජය මේ ඉලක්කම් මත අස්වැසුම දීමනා කපන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.






















