Saturday, August 15, 2026
HomeNEWSජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක් කරන ප්‍රතිපත්තියක නිරත බවත් ජනාධිපතිවරයා තම ක්‍රියාදාමය ජනතාව ඉදිරියේ තබන්නේ පද්ධතියේ සිදුවිය යුතු වෙනස්කම් නිසා යැයි කියමින් වුවත් වත්මන් රජයට ජන වරම ලැබුණේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දීම බවත් කිසිදු ලෙසකින් ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන පද්ධතියේ වෙනසට ජනවරමක් නොලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

ආණ්ඩුවට ජන වරම ලැබුණේ මේවා කරන්නේ නොවේ

මෙය විධායකය සහ ඔහුගේ ගෝලබාලයන් පිරිසක් එකට එක්ව ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මිලේච්ඡ ප්‍රහාරයක් ලෙස ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමක් බවත් ජනාධිපතිවරයාට කැමති ආකාරයට මෙම වෙනස්කම් කරන්න නොහැකි සේම අධිකරණයේ ස්වාධීනත්වයට නීතියේ ආධිපත්‍යය පලුදු කරන්න යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බෙලහීන කරන්න ජන වරමක් නොලැබුණු බවත් පද්ධතිය වෙනස් කරනවා කියා රජය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව නිසා රටටයි ජාත්‍යන්තර බලපෑම් එන්නේ

ආණ්ඩුවේ මේ ක්‍රියාවලිය තුළ රටට අහිතකර බරපතළ සෘණාත්මක බලපැම් සිදුවන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දැනටමත් මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති බවත් ඊට අමතරව ආර්ථික බලපෑම් එල්ල කරමින් අපනයන ක්ෂේත්‍රයටම සෘණාත්මක බලපෑමක් සිදු කළ හැකි බවත් රජය අවදානමක් ගෙන මේව කළත් මේ අවදානමට මුහුණ දෙන්නේ ලක්ෂ 220 ජනතාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය දෙනව කිව්ව සහන දුන්නද

රට පාලනය කරද්දි අවදානමක් නිර්මාණය වනවා සේම ඡන්ද දායකයාද යම් අවදානමකට ලක්වන බවත් මේ අවදානම අරගෙන ජනතාව ලක්ෂ 12 කාර් එකක් 33% විදුලි බිල අඩු කරන්න ගොවි ජනතාව රු. 150ක ස්ථාවර මිලක් අපේක්ෂා කළත් අද රජයෙන් ජනතාවට කිසිදු සහනයක් නොමැති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පවා රජය මැදිහත් නොවන බවත් දැන් මොවුන්ගේ දේපල පවා රජය වෙන්දේසි කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවදානම ගෙන ජවිපෙට ජන්දය දුන් ජනතාව කබලෙන් ලිපට

රටේ දුප්පත්කම 30-40%ක් වුවත් අද ඔවුන්ටද සහන නැති බවත් ලොකුම අවදානම ගත්තේ ජනතාව බවත් ඒ අවදානම ගෙන ජවිපෙට ජන්දය දී කබලෙන් ලිපට වැටුනේ ජනතාව බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම බවත් මෙහි පූර්විකාවේ පවා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ගැන සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය යි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83 වගන්ති හරියට අර්ථකථනය කර මේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සිදු කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ ගරු විනිසුරු මඩුල්ලක් හරහා මෙය විභාග කිරීම සේම ජනමත විචාරණයක් අත්‍යාවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවල පවා මේ පූර්වාදර්ශ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැමට ඉහළින් ජනතා සෛරීත්වය පවතිනවා

සැමට ඉහළින් ජනතා සෛරීත්වය ඇති බවත් ඒ අනුව සියල්ල නිර්මාණය වන නිසා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ කරන්න යන සංශෝධනය ගැන විධිමත් සාකච්ඡාවක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකර ගරු අධිකරණයේ ස්වාධීනත්වය විනාශ නොකරන මේ කටයුතු සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් එක් පුද්ගලයකු පුද්ගල කණ්ඩායම් අරමුණක් කේන්ද්‍ර කර ගෙන මෙවැනි සංශෝධන සිදු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...

සමුපකාර ව්‍යාපාරය සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි-ජනපති

සමුපකාර ව්‍යාපාරය වෙළෙඳපොළ තුළ සක්‍රීයව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාලයක් ලෙස වැඩිදියුණු කළ යුතුයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී...

එදා සමාජවාදී ජවිපෙ අද ධනවාදී වෙලා- විපක්ෂ නායක සජිත්

එදා සමාජවාදී ජවිපේ අද ධනවාදී වෙලා ජනතාව කරපිට බදු පිට බදු ගහනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ කිඹිහුමටත් පාරට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img