Thursday, August 27, 2026
HomeNEWSසිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සාක්ෂිය ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාව මඟින් පාර්ශ්වයන්ගේ එකඟතාව මත, අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත හෝ තමන්ගේම මෝසමක් මඟින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඕනෑම ස්ථානයක සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක හරහා සාක්ෂි ලබා දීම සඳහා තැනැත්තන් යොමු කිරීම පිණිස අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධන කිරීම සඳහා 2025-01-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img